05.06.2025 කාලගුණ අනාවැකිය – வானிலை முன்னறிவிப்பு – Weather Forecastsනාවැකිය – வானிலை முன்னறிவிப்பு – Weather Forecasts

( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. )

2025 ජුනි මස 05 දින සඳහා කාලගුණ අනාවැකිය
2025 ජුනි මස 05 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.
ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

WEATHER FORECAST FOR 05 JUNE 2025
Issued at 05.30 a.m. on 05 June 2025

Several spells of showers will occur in Western, Sabaragamuwa, Central and North-western provinces and in Galle and Matara districts.
Showers or thundershowers may occur at a few places in Uva and Eastern provinces and in Polonnaruwa district during the afternoon or night.
Fairly strong winds of about (30-40) kmph can be expected at times over Western slopes of the central hills and in Northern, North-central, North-western and Southern provinces and in and Trincomalee district.
The general public is kindly requested to take adequate precautions to minimize damages caused by temporary localized strong winds and lightning during thundershowers