22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

“දෙරණ Skill Force” දෙවන අදියරේ සමාරම්භය වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන්

ජාතික වෘත්තීය පුහුණු අධිකාරිය සමඟ දෙරණ මාධ්‍ය ජාලය එක්ව සංවිධානය කරනු ලබන “දෙරණ Skill Force” දෙවන අදියරේ සමාරම්භක වැඩසටහන වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් 26 පෙරවරුවේ ගාල්ල, නියාගම ජාතික වෘත්තීය පුහුණු ආයතන පරිශ්‍රයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ අතිරේක ලේකම් (වෘත්තීය පුහුණු) සමන්ති සේනානායක මහත්මිය, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු විජිත වීරතුංග මහතා, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මේජර්, මේජර් ජනරාල් (විශ්‍රාමික) ප්‍රියන්ත වීරසිංහ මහතා, දෙරණ මාධ්‍ය ආයතනයේ සාමාන්‍යාධිකාරී Skill Force ව්‍යාපෘතියේ සභාපති රොෂාන් ප්‍රනාන්දු මහතා, නියාගම ජාතික වෘත්තීය පුහුණු ආයතනයේ සහකාර අධ්‍යක්ෂ ඩී.සී.ඕ.විතාන මහත්මිය, අනුග්‍රාහකභවතුන්, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරීන් සහ සිසු දරු දැරියන් රැසක් ද එක්ව සිටියහ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz