22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාසිත් රූ කලා 2025 – අමරණිය ජෝති සංගීතමය සැදෑව සමග ඇගයීම් උළෙලේ සම්මාන උළෙල

කලාසිත් රූ කලා පදනමේ ගරු සභාපති දේශමාන්‍ය රෝහණ කොස්තා මැතිතුමාගේ සංකල්පයකට අනුව කලාසිත් රූ කලා පදනමේ 22 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරන ලද අමරණිය ජෝති සමග රන් ස්වර – සිරිය මෙ සාරා ප්‍රසංගය සහ ඇගයීම් සම්මාන ප්‍රධානෝත්සවය පසුගිය 06 වැනිදා හෝකන්දර නිව්සිරි උත්සව ශාලාවේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන ලදි.
කලාකරුවන්, විද්වතුන්, පොලිස් විරුවන්, සමාජ සේවකයන් ඇතුළු විවිධ අංශයන්හි ප්‍රවීණයන් 80ක් සදහා ඇගයිම් සම්මාන පිදීමට කටයුතු යොදා තිබුනි.

එහිදී මාධ්‍යවේදි අංශය සදහා ජේෂ්ඨ මාධ්‍යවේදි සමන් ප්‍රියංකර නම්මුනිගේ,ප්‍රවීන
මාධ්‍යවේදිනී අශන්ති වරුණසූරිය , සටන් අධ්‍යක්ෂකවරු වන සුමිත් මුදන්නායක ,ටෙඩී
විද්‍යාලංකාර, ටිරොන් මයිකල් , සංගීත අංශයෙන් විරාජ් පෙරේරා,බ්‍රයන් ඇඩොල්ෆස්, මර්සලින් පතිරන ,සූර්‍යකුමාර් මුත්තලගේ , නිසංසලා අනුරාධි , චාන්දනී ෆ්‍රෙඩී සිල්වා , ප්‍රගීත් සිල්වා ,අමිල ප්‍රදීප්, ගමිදු රාවතාවත්ත , රොෂාන් අමිත් , රංගනශිල්පීන් ලෙස නිමල් පල්ලෙවත්ත, දීප්ති වීරසූරිය , කපිල සිගේරා, මේනුක ප්‍රේමරත්න , ධම්මික බන්ඩිහෙට්ටි, ප්‍රින්ස්ලි කරුණාරත්නද නිවේදන
අංශයෙන් අසංක සේනානායක, ලසන්ත කුලසේකර වැනි අයත් පද රචකයන් ලෙස බන්ධුල ජාගොඩ , රොහාන් රූපසිංහ , පුෂ්පකුමාර ආරියරත්න වැනි අය ඇතුලත් විය.එසේම මෙහි නම්
සදහන් නොකල ප්‍රවීන සහ නවක කලාකරුවො රැසක් එදින සම්මානයට පාත්‍ර විය. නර්තනය, මූර්ති ශිල්පය, චිත්‍ර ශිල්පය වැනි අංශ ගනනාවක් සේම විවිධ සමාජ සේවා කටයුතු තුලින් මෙහෙවරක් කල පුද්ගලයින් පොලිස් විරුවන්, විද්වතුන්ද මෙවරත් සම්මානයට පාත්‍ර විය.
කලාසිත් රූ කලා පදනමේ ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ ගායන ශිල්පී නාමල් කොළඹ ආරච්චි, මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස ප්‍රවීන මාධ්‍යවේදිනී අශන්ති වරුණසූරිය, නිවේදන ශිල්පී ලෙස ජනප්‍රිය නිවේදක ලසන්ත කුලසේකර , නිල ජායාරූප ශිල්පී ලෙස බී.රුවන් කුමාරත් ප්‍රධාන සංවිධායක මන්ඩලය ලෙස නීල් කුමාර, නීට ප්‍රනාන්දු, ජේ.ගමගේ, නිහාල් ගමගේ යන මහත්ම මහත්මීන් කටයුතු කරනවා.
එසේම මෙවර වැඩසටහන සදහා විශේෂ ශක්තියක් වූ මාලඹේ පොලිස් ස්ථානාධිපති ප්‍රසාද් රත්නායක මහතා, හෝකන්දර නිව්සිරි හොටෙල් අධිපති එම්.නන්දසිරි මැතිතුමා, විමල නිෂ්පාදන අධිපති සමන්ත රෝහණ, දිල්ෂාන් අරලිය යන මහත්වරුන්ටත් කලාසිත් රූ කලා පදනමේ ගෞරවණීය ප්‍රණාමය පුදකරන බව එහි සභාපතිතුම අපකල විමසීමකදී පැවසීය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz