සිංහලයේ අවසන් රාජධානිය හා බැඳුණු ප්රතාපවත් චරිත 36ක ගේ ජීවමාන ප්රමාණයේ අනුරූ ප්රතිනිර්මාණය කරමින්, සෙංකඩගල ඇහැලේපොළ වලව්ව පරිශ්රයේ ස්ථාපිත කෙරුණු මෙරට ප්‍රථම ඓතිහාසික ඉටි රූ කෞතුකාගාරය (ජූලි 17) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් විවෘත කරන ලදී.
ප්‍රදීප් නිලංග දෑල ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේගේ සංකල්පයක් මල්ඵල ගන්වමින් ඉදි වූ මේ කෞතුතාගාරය, මහනුවරට පැමිණෙන දහස් ගණනක් වූ දෙස් විදෙස් සංචාරකයින් වෙත නවමු අත්දැකීමක් එකතු කරනු ඇත.
පොත පතට, ඉතිහාස කතාන්දරවලට සීමා වූ කන්ද උඩරට රාජධානියේ සුවිශේෂී තතු විත්ති, ඇහැලේපොල ඉටි රූ කෞතුකාගාරය තුල දැන් ජීවමාන වී තිබේ.