22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

චීන මහජන ප්‍රතිරෝධ යුධ ජයග්‍රහණයේ 80වන සංවත්සරය

චීන මහජන ප්‍රතිරෝධ යුධ ජයග්‍රහණයේ 80 වන අනුස්මරණ සංවත්සරය වෙනුවෙන් පසුගිය 20 වෙනි දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති උත්සවයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වී ඇත.

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අනුස්මරණ උත්සවය සඳහා සම්භාවනීය අමුත්තන් රැසක් ද සහභාගී වී සිටියහ.

යුධ ජයග්‍රහණයෙන් පසු අප රටෙහි විශාලතම විදේශ ආයෝජන මූලාශ්‍ර රට බවට පත්වෙමින් සංවර්ධන කටයුතු වලදී ඉමහත් සහයෝගයක් ලබාදුන්නේ චීන දේශය බව ස්තූති පූර්වකව සිහිපත් කරන බව හිටපු ජනපති මහින්ද රකපක්ෂ මහතා පැවසූහ.

එමෙන්ම ඓතිහාසික සේද මාර්ගය දක්වා දිවෙන ඉතිහාසයක් සහිතව දෙරට අතර පවතින අන්‍යෙන්‍ය ගෞරවය, විශ්වාසය සහ සහයෝගය මත පදනම් වූ චීන-ශ්‍රී ලංකා දිගුකාලීන මිත්‍රත්වය සිහිපත් කරමින් මෙම සුවිශේෂී අනුස්මරණ දිනය වෙනුවෙන් මාගේ සුබ පැතුම් පිරි නමම බවත් රාජපක්ෂ මහතා පැවසූහ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz