06.01.2026 Weather Forecasts – කාලගුණ අනාවැකිය – வானிலை முன்னறிவிப்பு

( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. )

2026 ජනවාරි මස 06 දින සඳහා කාලගුණ අනාවැකිය
2026 ජනවාරි මස 06 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති පහල වායුගෝලීය කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇත. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් ජනවාරි 08 සිට දිවයිනේ, විශේෂයෙන් උතුර, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වේ.

නැගෙනහිර, මධ්‍යම, ඌව, උතුරුමැද සහ උතුරු පළාත්වල විටින් විට වැසි ඇතිවේ. ඌව පළාතෙත් නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව, මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි ඇති විය හැක.

සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට, ගම්පහ, කොළඹ සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 පමණ තද සුළං ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

WEATHER FORECAST FOR 06 JANUARY 2026
Issued at 05.30 a.m. on 06 January 2026

The low-level atmospheric disturbance in the Bay of Bengal, to the southeast of the Sri Lanka has intensified into a low-pressure area. Hence, showery condition over the island, particularly in the Northern, North-Central, Eastern, Uva and Central provinces is expected to enhance from January 8th.

Showers will occur at times in Eastern, Central, Uva, North-Central and Northern provinces. Heavy falls about 100 mm are likely at some places in Uva province and in Nuwara-Eliya, Matale, Polonnaruwa, Batticaloa and Ampara districts.

Showers or thundershowers may occur at several places elsewhere in the Island after 1.00 p.m.
Strong winds about 50 kmph can be expected at times over Eastern slopes of the central hills, Northern, North-central, North-western and Eastern provinces and in Hambantota, Gampaha Colombo and Monaragala districts.

The general public is kindly requested to take adequate precautions to minimize damages caused by temporary localized strong winds and lightning during thundershowers.