22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ජනවාරි 09 වනදා සිට දිවයින පුරා ප්‍රදර්ශනය ඇරඹී Father චිත්‍රපටය…

විනිශ්චය අවි-නිශ්චිතය” කතා තේමාව කරගත් චමින්ද ජයසූරියගේ විශිෂ්ට සිනමා අධ්‍යක්ෂණයක් සහ ශාන්ත ගීතදේවගේ නිෂ්පාදනයක් වන මෙම Father චිත්‍රපටය “ඔස්මන් ගුණසේකරගේ” ජීවිත කතාව සහ 88/89 කාල පරිච්ඡේදයේ මෙරට ඇති වූ භීෂණ යුගයේ දේශපාලනික සහ සමාජ වටපිටාවේ අවස්ථා සහ සිද්ධීන් ඉතාමන් නිවැ‍රදි ආකාරයෙන් මෙම චිත්‍රපටය තුළ ප්‍රතිනිර්මාණ කර ඇත.

මෙරට ප්‍රවීණ, ප්‍රතිභාපූර්ණ සහ ජනප්‍රිය නළු නිළියන් රැසක් මෙහි චරිත නිරූපණය සඳහා දායක වී ඇත. මෙහි ඔස්මන් ගුණ්සේකරගේ තරුණ අවධිය නිරූපණය කරනු ලබන්නේ දක්ෂ තරුණ රංගන ශිල්පියෙකු වන “පූජන දන්දෙණිය” විසිනි. එමෙන්ම තවත් දක්ෂ රංගන ශිල්පියෙකු වන සෞම්‍ය ලියනගේ විසින් ඔස්මන්ගේ වැඩිමහලු අවධිය නිරූපණය කරනු ලබයි.

මීට අමතරව, දිල්හානි අසෝකමාලා, ජගත් මනුවර්ණ, බිමල් ජයකොඩි, ශ්‍යාම් ප්‍රනාන්දු, සරත් කොතලාවල, චාන්දනී සෙනෙවිරත්න, සනත් විමලසිරි, ගාමින්ද ප්‍රියවිරාජ්, සුනෙත් චිත්‍රානන්ද, සුරාජ් මාපා, සරත් කරුණාරත්න, අංජන ප්‍රේමරත්න, සේවියර් කණිෂ්ක, ජනක රණසිංහ, කෝරළගේ සමන්, සංජීව දිසානායක, අමා විජේසේකර, අකලංක ප්‍රභාෂ්වර, ජෙනට් ඇන්තනී, රුවන් මදනායක, පසන් රණවීර, සිසිර තඩිකාර, චමින්ද බටුකොටුව, මනෝජා ප්‍රනාන්දු ආදී තවත් බොහෝ දක්ෂ රංගන ශිල්පීන් ශිල්පිණියන් මෙම චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වී ඇත.

එමෙන්ම මෙහි තවත් විශේෂත්වයක් වන්නේ ‘හදවතේ ගායකායා’ නොහොත් ‘චාමර වීරසිංහගේ 25 වසරක සංගීත දිවිය තුළ පළමුවරට චිත්‍රපට ගීතයක් ගායනා කිරීමය. ඔහු විසින් මෙම චිත්‍රපටය සඳහා ගායනා කරන “පරසතු යාය” ගීතය මේ වන විට බොහෝ සෙයින් ජනප්‍රිය වී ඇත.

2026 ජනවාරි 09 වනදා සිට දිවයින පුරා ප්‍රදර්ශනය ඇරඹී මෙම Father චිත්‍රපටයට මේ වන විට ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලැබී ඇත.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz