( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. )
2026 ජනවාරි මස 15 දින සඳහා කාලගුණ අනාවැකිය
2026 ජනවාරි මස 15 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.
අද (15) දින සිට දිවයිනේ වැසි තත්ත්වයේ අඩු වීමක් බලාපොරොත්තු වේ.
කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප.ව. 4.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
WEATHER FORECAST FOR 15 JANUARY 2026
Issued at 05.30 a.m. on 15 January 2026
Showery condition over the island is expected to reduce from today (15th)
Showers or thundershowers may occur at a few places in Kaluthara, Galle, Matara and Rathnapura districts after 4.00 p.m.
Mainly fair weather will prevail elsewhere.
Misty conditions can be expected at some places in Western, Sabaragamuwa, Central and Northwestern provinces and in Galle and Matara districts during the early hours of the morning.
