28.01.2026 Weather Forecasts – කාලගුණ අනාවැකිය – வானிலை முன்னறிவிப்பு

( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. )

2026 ජනවාරි මස 28 දින සඳහා කාලගුණ අනාවැකිය
2026 ජනවාරි මස 28 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණික තත්ත්වයක් පවතී.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

WEATHER FORECAST FOR 28 JANUARY 2026
Issued at 05.30 a.m. on 28 January 2026

Mainly dry weather will prevail in the most parts of the island.

Fairly strong winds of about (30-40) kmph can be expected at times over Eastern slopes of the central hills, Northern, North-central, North-western, Eastern and Uva provinces and in Hambantota district.

Misty conditions can be expected at some places in Western, Sabaragamuwa, Central and North-western provinces and in Galle, Matara and Anuradhapura districts during the early hours of the morning.