22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

සමූපාකාර ව්‍යාපාරය සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට දෙදින වැඩමුළුවක්

සමූපාකාර ව්‍යාපාරයේ රජයේ අනාගත දිශානතිය පිළිබඳ දැනුවත් කිරීම සහ “සමූපාකාර ව්‍යාපාරය සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම” අරමුණු කරගෙන සමූපාකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද දෙදින වැඩමුළුවක් පොල්ගොල්ල ජාතික සමූපකාර සංවර්ධන ආයතනයේදී පැවැත්විය.


මෙම වැඩමුළුවට සමූපාකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා, වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපාකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් සහභාගී විය. එමෙන්ම දිවයින පුරා කොමසාරිස්වරුන්, විවිධ සේවා සමූපකාර සමිති සභාපතිවරුන්, ලේකම්වරුන් සහ නියෝජිතයින් ද වැඩමුළුවට එක්විය.
මෙහිදී අදහස් දක්වමින් සමූපාකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා සඳහන් කළේ, දශක ගණනාවකට පසු අමාත්‍යවරුන්, කොමසාරිස්වරුන්, ලේකම්වරුන්, පළාත් සභා සහ රේඛීය අමාත්‍යාංශ නිලධාරීන් එක්ව සමූපාකාර ව්‍යාපාරය පිළිබඳව සාකච්ඡා කිරීමට ලැබීම ඓතිහාසික අවස්ථාවක් බවයි.
එසේම පසුගිය පාලන කාලවලදී සමූපාකාර ව්‍යාපාරය ගොඩනැගීම සඳහා අවශ්‍ය ඍජු මැදිහත්වීම, දිරිගැන්වීම සහ නිසි මගපෙන්වීම සීමිත වූ බවත්, නව රජය ලෙස ග්‍රාමීය ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවන් සැපයීමත් සමඟ සමූපාකාර ව්‍යාපාරය ශක්තිමත් කිරීමට සියලු පාර්ශ්ව එකතුවෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවත් ඔහු අවධාරණය කළේය.
තවද, ගරු ජනාධිපතිතුමා ඇතුළු දේශපාලන අධිකාරිය සමූපාකාර ව්‍යාපාරය නැවත ජාතික මට්ටමින් ඔසවා තැබීම සඳහා අවංක කැපවීමකින් යුතුව කටයුතු කරමින් සිටින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම වැඩමුළුව මගින් සමූපාකාර ක්ෂේත්‍රයේ අනාගත සංවර්ධනය සඳහා ජාතික මට්ටමේ ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින්, පාර්ශ්ව අතර සමුපකාරී සාකච්ඡා හා අදහස් හුවමාරු කිරීම් සිදු කරන ලදී.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz