26.02.2026 Weather Forecasts – කාලගුණ අනාවැකිය – வானிலை முன்னறிவிப்பு

( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. )  

2026 පෙබරවාරි මස 26 දින සඳහා කාලගුණ අනාවැකිය
2026 පෙබරවාරි මස 26 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැක.

දකුණු පළාතේත් රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල, මාතර, මොනරාගල, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

WEATHER FORECAST FOR 26 FEBRUARY 2026
Issued at 05.30 a.m. on 26 February 2026

Mainly fair weather will prevail over most parts of the island.

A few showers may occur in the coastal areas of the Western Province during the morning.

Showers or thundershowers are likely at a few places in Southern province and in Rathnapura and Monaragala districts after 2.00 p.m.

Misty conditions can be expected at some places in Central, Sabaragamuwa, Western, North-western and North-central provinces and in Galle, Matara, Monaragala, Mannar and Vavuniya districts during the early hours of the morning.