2026 අප්‍රේල් 07 වන දින උතුරු පළාත් කෘෂිකර්ම ක්ෂේත්‍රයට නව ජවයක් එක්කරමින් කෘෂිකර්ම උපදේශකයින් සහ තාක්ෂණික සහයකයින් 53 දෙනෙකුට පත්වීම් ප්‍රධානය කිරීම උත්සවමය වශයෙන් පැවැත්වුණි.
ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රෙස්කරන් මහතා, සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාව සිදු කෙරුණි.
වවුනියාව, මන්නාරම, යාපනය, මුලතිව් සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කයන්හි සිට තෝරාගත් මෙම පිරිස අතරින්
🔹 කෘෂිකර්ම උපදේශක (III ශ්‍රේණිය) — 33 දෙනෙකු
🔹 කෘෂිකර්ම තාක්ෂණික සහයකයින් — 20 දෙනෙකු
ලෙස රාජ්‍ය සේවයට එක්කර ඇත.
මෙම සියලුම බඳවාගැනීම් පසුගිය වසරේ පැවති තරඟ විභාගයෙන් විශිෂ්ඨ ලෙස සමත්වූ සුදුසුකම් ලැබූ අය අතරින් සිදුකළ බවත්, උතුරු පළාතේ කෘෂිකර්ම සංවර්ධනය තවත් වේගවත් කිරීමට මෙම පිරිස මහත් දායකත්වයක් ලබාදෙනු ඇති බවත් සඳහන් විය.
උත්සවයට උතුරු පළාත් ප්‍රධාන ලේකම් තනුජා මුරුගේසු මහත්මිය, කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍යංශයේ ලේකම් ෂන්මුගරාජා ශිවශ්‍රී මහතා ඇතුළු ප්‍රමුඛ නිලධාරීන් රැසක් සහභාගී වූහ.
මෙම පත්වීම් මඟින් උතුරු පළාතේ ගොවි ජනතාවට තාක්ෂණික මාර්ගෝපදේශ සහ නවීන කෘෂි ක්‍රමවේදයන් සපයමින්, ප්‍රදේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට නව බලාපොරොත්තුවක් උදා වී ඇත.
