( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. )
2026 අප්‍රේල් මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය
2026 අප්‍රේල් මස 14 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සහ ගාල්ල, මාතර සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහලින් පවතී. අද (14) දින දහවල් 12:10 ට නාවලඩි, පරන්තන්, මුරසුමෝඩෙයි, වෙල්ලික්කන්දල්, උඩපත්තුක්කන්දල්, පුලියම්පොක්කනේයි යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත.
WEATHER FORECAST FOR 14 APRIL 2026
Issued at 05.30 a.m. on 14 April 2026.
Showers or thundershowers will occur at most places of the island after 1.00 pm.
Fairly heavy falls above 50 mm are likely at some places in Western, Sabaragamuwa and Central provinces and in Galle and Matara districts.
Misty conditions can be expected at some places in Central, Sabaragamuwa and Uva provinces and in Galle, Matara and Vavuniya districts during the early hours of the morning.
The general public is kindly requested to take adequate precautions to minimize damages caused by temporary localized strong winds and lightning during thundershowers.
On the apparent northward relative motion of the sun, it is going to be directly over the latitudes of Sri Lanka during 05th to 15th of April in this year. The nearest areas of Sri Lanka over which the sun is overhead today (14th) are Nawaladi, Paranthan, Murasumodai, Vellikkandal, Udapattukkandal, Puliyampokkanei about 12:10 noon.
