ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනය යටතේ ක්‍රියාත්මක වන SDB බැංකුව, සිය ඩිජිටල් බැංකු යටිතල පහසුකම් නවීකරණය කිරීම සඳහා සඳහා IBM (NYSE: IBM) සහ South Asian Technologies (SAT) සමග සහයෝගීතාවයක් ආරම්භ කර තිබේ. මෙම සහයෝගීතාවය හරහා IBM හි අති නවීන ව්‍යවසාය තාක්ෂණික යටිතල පහසුකම් සහ ස්වයංක්‍රීය විසඳුම් භාවිතයට ගනිමින්, SDB බැංකුවේ ඩිජිටල් බැංකුකරණ පද්ධති නවීකරණය කිරීමටත්, මෙහෙයුම් කාර්යක්ෂමතාව හා ඉහළ විශ්වාසනීයත්වයක් සමගින් කඩිනම් බැංකු සේවාවක් ලබා දීමටත්, කටයුතු කරනු ඇත.
පාරිභෝගික අපේක්ෂාවන් සහ මුල්‍ය සේවා ක්ෂේත්‍රය වේගයෙන් වෙනස් වන පසුබිමක, SDB බැංකුව සිය ප්‍රධාන බැංකුකරණ පද්ධති සහ ඩිජිටල් යටිතල පහසුකම් තවදුරටත් ශක්තිමත් කිරීමේ උපායමාර්ගික පියවරක් වශයෙන් මෙය ආරම්භ කර ඇත. මෙමඟින්, බැංකුවේ මෙහෙයුම් කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමටත්, පාරිභෝගික අවශ්‍යතාවයන්ට වඩාත් ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්විය හැකි විසඳුම් අභිරුචිකරණය කිරීමටත්, බැංකු සේවාවන් පුළුල් කිරීමටත් හැකියාව ලැබේ.
මෙම සහයෝගීතාවය පිළිබඳ අදහස් දක්වමින් SDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න මහතා මෙසේ පැවසීය. ‘’අපගේ අවධානය සෑමවිටම යොමු වන්නේ, විශ්වාසදායී, පාරිභෝගික කේන්ද්‍රීය බැංකු සේවාවක් ලබා දීමටයි. IBM සමඟ ඇතිකරගත් මෙම සහයෝගීතාවය හරහා අපගේ මූලික යටිතල පහසුකම් වැඩිදියුණු කරගනිමින්, පාරිභෝගික අවශ්‍යතාවයන් සහ වෙළඳපොළ ඉල්ලීම් වලට කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට හැකි නම්‍යශිලී ශක්තිමත් සේවාවක් ලබා දීමට අපට හැකි වී තිබේ. මෙම මුලපිරීම තුළින්, දිගුකාලීන නවෝත්පාදන වර්ධනයක් අත්පත් කර ගනිමින්, ව්‍යාපාර වර්ධනය වේගවත් කිරීම සඳහා මනා රුකුලක් සැපයෙනු නිසැකයි’’
මෙම ඩිජිටල් පරිවර්තන වැඩසටහනේ කොටසක් ලෙස, SDB බැංකුව, IBM Power ඉහළ කාර්යසාධනයක් සහිත සේවාදායක සහ IBM FlashSystem භාවිතයෙන් මූලික බැංකු පද්ධතිය නවීකරණය කර තිබෙන අතර, අත්‍යවශ්‍ය බැංකුකරණ මෙහෙයුම් සඳහා වන ස්ථාවරත්වය සහ කාර්යක්ෂමතාවය වැඩිදුරටත් ශක්තිමත් කර තිබේ. ඊට සමගාමීව, බැංකු කාර්යයන් විධිමත් කිරීමට, අන්තර්ගත කළමනාකරණය වැඩිදියුණු කිරීමට සහ ප්‍රධාන ව්‍යවසායක ක්‍රියාවලීන් ස්වයංක්‍රීය කිරීමට IBM Cloud Pak for Business Automation සිය උපායමාර්ගික ස්වයංක්‍රීය වේදිකාව වශයෙන් යොදා ගෙන ඇත.
මෙහිදී අදහස් දැක්වූ IBM India & South Asia හි තාක්ෂණ අංශයේ උප සභාපති ගෞරව් අගර්වාල් මහතා පැවසුවේ මෙවැන්නකි. ‘’වර්තමාන බැංකු ක්ෂේත්‍රයේ සාර්ථකත්වය සඳහා නවෝත්පාදනය, ආරක්ෂාව සහ මෙහෙයුම් ස්ථාවරත්වය අතර නිසි සමතුලිතතාවයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි. SDB බැංකුව සමග ඇති කරගත් මෙම සහයෝගීතාවය හරහා, SAT වැනි අපගේ හවුල්කරුවන් එක්ව මූල්‍ය ආයතනවලට ව්‍යාපාරික වටිනාකම ඉහළ නැංවීමටත්, කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමටත්, සහ නවීන කෘත්‍රිම බුද්ධි (AI) හා Hybrid Cloud තාක්ෂණයන්ගේ ශක්තිය උපයෝගී කර ගනිමින්, මහා පරිමාණ නවෝත්පාදනයන් ක්‍රියාත්මක කිරීමටත් සහාය විය හැකි ආකාරය මෙයින් පෙන්නුම් කර තිබේ’’
මෙම නවීකරණය කරන ලද ඩිජිටල් වැඩසටහන මත පදනම්ව, සිය ඉදිරි මෙහෙයුම් කටයුතු සහ පාරිභෝගික සම්බන්ධතා නාලිකා හරහා AI හැකියාවන් පුළුල් කිරීමට SDB බැංකුව සූදානමින් සිටී. එමෙන්ම පාරිභෝගික විශ්වාසය තවදුරටත් ශක්තිමත් කරමින්, දිගුකාලීන තරඟකාරිත්වය සහ තිරසාර වර්ධනය සඳහා අවැසි කඩිනම් බැංකු සේවාවක් ක්‍රියාත්මක කිරීමට ද මෙමගින් අවස්ථාව උදා වනු ඇත.
SDB බැංකුව පිළිබඳව
අනාගතය සඳහා සූදානම් වූ නවීනතම බැංකුවක් වන SDB බැංකුව සෑම පුද්ගලයෙකුගේම අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි පාරිභෝගික කේන්ද්‍රීය සේවාවක් ලබා දීමට කැප වී සිටින අතර, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් වේ. කොළඹ කොටස් වෙළඳපොලේ ප්‍රධාන මණ්ඩලයේ ලැයිස්තුගත කර ඇති SDB බැංකුව, BB +(lka) හි Fitch ශ්‍රේණිගත කිරීමක් ද හිමි කරගෙන ඇත. දිවයින පුරා විහිදුණු ශාඛා 94ක ජාලයක් හරහා, පුද්ගලික බැංකුකරණ, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME), සමුපකාර සහ ව්‍යාපාරික බැංකුකරණ අංශයන්ට අදාළ පුළුල් පරාසයක මූල්‍ය සේවා සහ විසඳුම් පාරිභෝගිකයන් වෙත ලබාදෙයි. කාන්තා සවිබල ගැන්වීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ගේ තිරසාර වර්ධනය සහ ඩිජිටල් මූල්‍ය ඇතුළත්කරණය ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂ අවධානයක් යොමු කරමින්, ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය ප්‍රගතියට සක්‍රීය දායකත්වයක් ලබාදීම SDB බැංකුවේ අරමුණ වේ.
IBM පිළිබඳව
IBM යනු ගෝලීය වශයෙන් Hybrid Cloud තාක්ෂණයන් සහ කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ උපදේශන විශේෂඥතාවයන් සපයන ප්‍රමුඛ පෙළේ සැපයුම්කරුවෙකි. රටවල් 175කට වඩා වැඩි ගණනක සිටින සේවාදායකයන්ට දත්තවලින් ලබාගත හැකි තීක්ෂණ අවබෝධය උපයෝගී කරගනිමින්, ව්‍යාපාරික කටයුතු විධිමත් කිරීමටත්, පිරිවැය අඩු කිරීමටත්, කර්මාන්ත තුළ තරඟකාරී වාසියක් ලබා ගැනීමටත් IBM සහාය වෙයි. මුල්‍ය සේවා, විදුලි සංදේශන සහ සෞඛ්‍ය සේවා වැනි තීරණාත්මක යටිතල පහසුකම් ක්ෂේත්‍රයන්හි රාජ්‍ය හා ආයතනික පද්ධති දහස් ගණනක්, සිය ඩිජිටල් පරිවර්තනය කඩිනමින්, කාර්යක්ෂමව සහ සුරක්ෂිතව පවත්වා ගෙන යාම සඳහා IBM හි Hybrid Cloud තාක්ෂණය හා Red Hat OpenShift මත විශ්වාසය තබා තිබේ. AI, Quantum Computing, කර්මාන්ත සඳහා විශේෂිත වූ Cloud විසඳුම් සහ උපදේශන සේවා යන IBM හි අද්විතීය නවෝත්පාදනයන් තුළින් ඔවුනගේ සේවාදායකයින්ට විවෘත, නම්‍යශීලී සහ ප්‍රායෝගික විකල්ප ලබා දෙයි. මේ සියල්ල හරහා IBM හි විශ්වාසය, විනිවිදභාවය, වගකීම, සහ ගුණාත්මක සේවාවක් වෙනුවෙන් ඇති කැපවීම මනාව ඉස්මතු වේ.
වැඩිදුර තොරතුරු සඳහා www.ibm.com වෙත පිවිසෙන්න.

IBM India & South Asia හි තාක්ෂණ අංශයේ උප සභාපති ගෞරව් අගර්වාල්
SDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න

