22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

‘බදු ශක්ති 2026‘ බදු සතියට සමගාමීව බදු පිළිබඳ විශ්ව විද්‍යාල සිසුන් දැනුම්වත් කිරීමේ සම්මන්ත්‍රණය

‘බදු ශක්ති 2026‘ බදු සතියට සමගාමීව බදු පිළිබඳ විශ්ව විද්‍යාල සිසුන් දැනුම්වත් කිරීමේ සම්මන්ත්‍රණයක් පසුගියදා දේශීය ආදායම් දෙපාර්මේන්තු මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙම සම්මන්ත්‍රණයේ දී බදු රැස් කර ගැනීමේ ක්‍රමවේදය, එම බදු මුදල්, අධ්‍යාපන සහ සෞඛ්‍ය වැනි අංශ වෙත බෙදා හැරෙන ආකාරය පිළිබඳ සංඛ්‍යා ලේඛන සහිතව දැනුම්වත් කිරීම සිදු කෙරිණි. බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ ලබා ගන්නා ආකාරය පිළිබඳව ද දැනුම්වත් කිරීම මෙහි දී සිදු කෙරිණි. මේ සඳහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික විශ්ව විද්‍යාල 21ක සිසුහු ආරාධනා ලැබ සිටියහ. කොමසාරිස් ජනරාල් ආර්.පී.එච්. ප්‍රනාන්දු මහත්මිය ඇතුළු පිරිසක් මෙහි දී දේශන පැවැත් වූහ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz