22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කෝට්ටේ ඇසළ මංගල්‍යයේ අවසන් දළදා පෙරහර අද

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථානයේ ඇසළ පෙරහර මංගල පූජෝත්සවයේ අවසන් ශ්‍රී දළදා මහ පෙරහර අද (09) රාත්‍රියේ වීථි සංචාරය කරයි.

සැප්තැම්බර් පළමුවැනි දින සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනයකින් පසු 02 වැනි දිනට යෙදුණු සුබ මොහොතින් කප් සිටුවීමෙන් පසු 03 වැනි දින කුඹල් පෙරහර සහ 04 වැනි දින සිට 06 වැනි දින දක්වා තෙදිනක් පැවති උඩ මළුවේ මල් පෙරහරින් පසුව 07වැනි දින පාවාඩ පෙරහරත් 08 වැනි දින රාත්‍රියේ වීථි සංචාරය කළ රන්දෝලි මහා පෙරහරින් පසුව 09 වැනි දින රාත්‍රියේ ඇසළ පූජෝත්සවයේ අවසන් මහා දළදා පෙරහර වීථි සංචාරය කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව පෙරහර කමිටුව පවසයි. ශ්‍රාවනී ශ්‍රී දළදා මහා පෙරහර පැවැත්වීමෙන් පසු 10 වැනි දින උදෑසන දියවන්නා ඔය තොටුපොළේ දියකැපීමේ මංගල්‍යයට පෙරහර විහාරස්ථානයෙන් පිටත්ව නැවත පෙරහර එදින සන්ධ්‍යාවේ විහාරස්ථානයට ගෙවදීමෙන් අනතුරුව පවත්වනු ලබන දේව දානය සහ ගරායක් ශාන්ති කර්මයෙන් අනතුරුව පෙරහර මංගල්‍ය පූජෝත්සවය අවසන් කරන බව පෙරහර කමිටුව පවසයි.

කෝට්ටේ රජ මහා විහාරයේ විහාරාධිපති අලුත් අලුත් නුවර අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ සහ කෝට්ටේ රජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී අමෙරිකාවේ ලොස්ඇන්ජලිස් නුවර ලංකාරාමාධිපති තලංගම දේවානන්ද හිමිගේ අනුශාසනා පරිදි දායක සභාව, තරුණ සමිතිය පෙරහර කටයුතු සංවිධාන කරයි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz