22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා IMF විධායක අධ්‍යක්ෂවරයා සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය සාකච්ඡා කරයි…

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන් මහතා අතර හමුවක් අද (2023.10.23) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
එකඟ වූ වැඩසටහනේ ප්‍රගතිය විස්තර කළ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන් මහතා ආර්ථික ප්‍රගතිය සඳහා රජයේ මධ්‍ය කාලීන මෙන්ම දිගු කාලීන සැලසුම් සඳහා අවශ්‍ය සහය පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගෙන් උපදෙස් ඉල්ලා සිටියේය.
දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂවරයා දැනුවත් කළ අතර, සමාජයේ අඩු ආදායම්ලාභී ජන කොටස් සඳහා වන මූල්‍ය ආධාර සෘජුවම බැංකු ගිණුම් වෙත තැන්පත් කර ඇති සුබසාධන යෝජනා ක්‍රමයේ ප්‍රගතිය පැහැදිලි කළේය.
අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක සහ මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ ආචාර්ය පී. කේ. ජී. හරිස්චන්ද්‍ර යන අය මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz