22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

රාජ්‍ය ආයතන පහක ඒකාබද්ධ ඉපැයීම් රුපියල් මිලියන 925 ක වාර්ෂික ලාභාංශයක් මහා භාණ්ඩාගාරයට

(Susanthika Sumudumali)

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසින් ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ආයතන පහක ඒකාබද්ධ ඉපැයීම් නියෝජනය කරමින් රුපියල් මිලියන 925 ක සැලකිය යුතු වාර්ෂික ලාභාංශයක් මහා භාණ්ඩාගාරයට ලබා දීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිරිනැමීම ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණා.

එහිදී අදහස් දැක්වූ ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ඒ ඒ ආයතනවල ප්‍රධානීන් සමග මූල්‍ය වගකීම් සඳහා තම අමාත්‍යාංශයේ කැපවීම ප්‍රකාශ කර සිටියේය. තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් රුපියල් මිලියන 350ක්, සීමාසහිත ලංකා පොස්පේට් සමාගමෙන් රුපියල් මිලියන 300ක්, බී.සී.සී. සමාගමෙන් රුපියල් මිලියන 100ක්, ජාතික ලුණු සමාගමෙන් රුපියල් මිලියන 100ක්, ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවෙන් රුපියල් මිලියන 75ක් ලෙස වාර්ෂික ලාභාංශ මුදල වූ රුපියල් මිලියන 925ක් අද දිනයේ මහා භාණ්ඩාගාරය වෙත පිරිනමන බවයි.

උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ජාතික භාණ්ඩාගාරයට දායක වීමට ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය දරන උත්සාහය පැසසුමට ලක් කළ අතර සෑම සංස්ථාවක්ම ලාභදායිත්වය කරා ගෙන යාමේ අරමුණින් මූල්‍යමය වශයෙන් යහපත් අනාගතයක් සඳහා ඔහු සිය ශුභවාදී චින්තනය පිලිබදව ප්‍රකාශ කළේය. ඒ අනුව නිෂ්පාදන හා සේවා අංශවල නව චින්තනයක් සමග ඉදිරියේදී නව ආර්ථික පිබිද්දීමක් අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තව දුරටත් ප්‍රකාශ කළේය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz