ගම්පහ දිස්ත්‍රික්කයට අයත් බඩල්ගම ප්‍රදේශයේ ජනතාවගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් පූර්ණ පහසුකම් සහිත නව ලංකා බැංකු ශාඛාවක් (ශාඛා අංක 663) ගරු කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (අප්‍රේල් 10) බඩල්ගම නගරයේ දී විවෘත කරන ලදී.

බඩල්ගම නගරයේ පදිංචිකරුවන් දීර්ඝ කාලයක සිට ඉදිරිපත් කළ ඉල්ලීමකට අනුව ඉදිවුණු මෙම බැංකු ශාඛාව හරහා ප්‍රදේශයේ ව්‍යාපාරික අවස්ථා දියුණු කරගැනීමට මෙන්ම පොදු ජනතාවගේ ආර්ථික කටයුතු සවිබල ගැන්වීමට මහඟු දායකත්වයක් ලැබෙන බවත්, නවීන බැංකු පහසුකම්වලින් සමන්විත මෙම ශාඛාව විවෘත වීමත් සමඟ බඩල්ගම නගරය කේන්ද්‍ර කරගත් ආර්ථික පුනරුදයක් ඇතිවනු ඇතැයි ද අමාත්‍යතුමා සඳහන් කළේය.
මෙම සමාරම්භක අවස්ථාව සඳහා ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා මහතා ඇතුළු ලංකා බැංකු නිලධාරීන් ද, දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් රැසක් ද සහභාගී විය.
