අරන්තලාවේ භික්ෂුන් වහන්සේලා ඝාතනය කිරිම ම්ලේච්ඡ ත්‍රස්තවාදයේ පිලිඹිබුවකි.

1976 මැයි 05 දින දෙමළ ඊලාම් කොටි ත්‍රස්තවාදින්ගේ ආරම්භය ලෙස වඩුක්කෝඩෛ ප‍්‍රදේශයේ පැවැත්වූ සමුළුව සැළකේ. ඒ අනුව දෙමළ ඊලාම් කොටි  ත්‍රස්තවාදි සංවිධානය බිහි විය. 2009 මැයි 19 දින කොටි ත්‍රස්තවාදය අවසන් වන තුරු ලංකා දෙරණ තුළ මිනිස් ඝාතන දේපොල විනාශය මෙපණයි යැයි කිව නොහැකිය. එහි දි සිංහල, මුස්ලිම්, දෙමළ යන ජනතාවගේ බුද්ධිමතුන්,දේශපාලකයන්, රජයේ පරිපාලකයන්, ඇතුළු කුඩා දරුවාගේ පටන් ඕනෑම කෙනෙක් ඝාතනයට ලක්විය.

අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අසල හා අවට  නන්දෙසින් වන්දනා කිරිමට පැමිණි උවැසි උවැසියන් 1985 මැයි 14 වන දින බසයක් පැහැරගත් දෙමළ කොටි ත්‍රස්තවාදීන් විසින්  සාමාන්‍ය ජනතාව වෙත විවෘත වෙඩි ප්‍රහාර එල්ල කරමින්, සාමන්‍ය වැසියන්  ඝාතනය කිරිම  හා තුවාල සිදු කිරීම සිදු  කරන ලදී. මෙහිදි භික්ෂූන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා කුඩා දරුවන් ඇතුළුව වන්දනා කරුවන් මේ මගින්  ඝාතනය කරන ලදී. මෙහිදි 146 දෙනෙකු මරු වැළඳ ගන්නා ලදි. එය දෙමළ කොටි ත්‍රස්තවාදීන් විසින්, දෙමළ ජනතාව බහුතරයක් වෙසෙන ප්‍රදේශයකදී බැහැරව සිදු කරන ලද පළමු දැවැන්ත සිංහල සිවිල් වැසියන් ඝාතනය කිරිම ලෙස සැළකිය හැකිය එල්.ටි.ටි.ඊ ත්‍රස්වාදින්ගේ අතිශය පාපී ප්‍රහාරයක් ලෙස හැදින්විය හැකිය.

ත්‍රස්වාදය සම්බන්ධව ලංකාවේ අපට විශාල අත්දැකිම් ඇති  රටකි. 30 වසර යුද්ධය අවසන් කර වසර 9කි මැයි මස 19 දිනට. ලෝකයම දරුණම ත්‍රස්වාදය නැතිකල අභිමානවත් රටක් ලෙස අපට ගෞරවයක් හිමිවන බැවින් ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් දැරිම ඕනෑම ත්‍රස්තවාදයක් වර්ධනය වීමට හේතු විය. අප රට තුළ පහළ වු පාලකයන් ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ඉතා ලිහිල් ප්‍රතිපත්ති ගෙන ක්‍රියා කිරිම නිසා අවුරුදු 30 ආසන්න කාලයක් යුද්ධයක් ඇදගෙන යන්නට සිදුවයි. එම තත්වය අදත් දැක ගත හැකිය. පසුගිය දා ත්‍රස්වාදය සැමරිම උතුරු පළත් සභාව මගින්ම සිදු කරන ලදි. එහෙත් ඉන්දියාව මිට හත්පසින්ම වෙනත් ක්‍රියාමාර්ග ගනිමින් එල්.ටි.ටි.ඊ ත්‍රස්තවාදින් සැමරෑ 550ක් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියා කරන ආකරය අපට දැන ගන්නට ලැබිණි.

1975 ජූලි 27 වැනිදා ප්‍රභාකරන් යාපනය නගරාධිපති දොරේ අප්පා ඝාතනය කරමින් දෙමළ ඊලාම් විමුක්ති කොටි ත්‍රස්තවාදි සංවිධානය අති බිහිසුණු බව ලොවට පෙන්වා දෙන ලදි. දෙමළ ජාතිකත්වයේ නිජබිම ලෙස උතුරු නැගෙනහිර ප‍්‍රදේශය නම් කරමින් ලෝකයට හිසරදයක් වන ආකාරයෙන් ත්‍රස්ත ක්‍රියා සිදු කරන ලදි. ශ්‍රී ලංකාවේ දෙමළ කොටි ත්‍රස්තවාදීන් විසින් ක්‍රියාවට නංවන ලද අතිශයින්ම දරුණු මිනිස් සංහාර රැසකි.

මීට වසර 24 කලින් එනම් 1994 දි දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මාතර කිතලගම ශ්‍රී සීලාලංකාර නාහිමි ද තවත් එක් එල්.ටි.ටි.ඊ ත්‍රස්තවාදින් කළ ඝාතනය කළ දැවැන්ත භික්ෂු චරිතයකි. උන් වහන්සේ විසින් ගොඩනගන ලද දඹුලාගල ආරණ්‍ය සම්ප්‍රදාය අදත් පවති. අහිංසක දෙමළ, මුස්ලීම්, සිංහල දරුවන් පැවිදි කරමින් සම්බුද්ධ ශාසනයට භික්ෂුන් වහන්සේලා 500කට අදික ප්‍රමාණයක් පැවිදි කරන ලදි. සිංහල වැසියන් පදිංචි කරමින් නැගෙනහිර පළාතේ එල්.ටි.ටි.ඊ  ත්‍රස්තවාදින්ගෙන් ගම් අරක්ෂා කිරිමට තම ජිවිත කැප කරන ලදි.

උතුර නැගෙනහිර දෙදිශාවේ ප්‍රධාන සංඝ නායක පුජ්‍ය හෑගොඩ ඉන්දසාර නාහිමි ඇතුළු භිකෂූන් වහන්සේලා 31 නමක්‌ ද ගිහියන් තිදෙනෙකු ඇතුළු 34 දෙනකු සමූලඝාතනය විය. මෙය දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය විසින් සිදු කරන ලද දරුණුම තවත් ම්ලේච්ජ ක්‍රියාවකි. මෙම භික්ෂුන් වහන්සේලා අතර අතිශයින් බහුතරයක් කුඩා ස්වාමින් වහන්සේලාය. මෙම කුරිරු ඝාතනය සිවිල් යුද සමයේ කොටි සංවිධානය විසින් සිදුකළ වඩාත්ම අපකීර්තිමත්ම විනාශකාරී ක්‍රියාව ලෙස සැලකිය යුතුය. අද සිටින මන්ද බුද්ධික නායකයන් එල්.ටි.ටි.ඊ ත්‍රස්තවාදින් හා ජනතා විමුක්ති පෙරමුනේ ත්‍රස්ත ක්‍රියා එක හා සමාන කරයි. මේහි දි ප්‍රභාකරන්න විසින් සිදු කරන ලද ත්‍රස්ත ක්‍රියා ලෝකයේ කිසිම ත්‍රස්ත ක්‍රියාවකට සමාන කළ නොහැකිය.  

පුජ්‍ය හැගොඩ ඉන්දසාර නාහිමියන් හා මාගේ ගුරුවරයානන් වහන්සේ අතර කිට්ටු මිත්‍රසම්බන්ධයක් තිබිණි. අප පැවිදි වුයේ 1986 දිය. හෑගොඩ නාහිමියන්ගේ විහාරස්ථානයක් කොල්ලුපිටිය තිබිණි. අපද රාජගිරියේ වාසය කළ බැවින් මෙම කොල්ලුපිටිය පුෂ්පාරාම පන්සලේ සිදුවන දාන මය පිංකම් හා පාංශු කූල සදහා අපට ද ආරාධනා ලැබිණි. මෙම ඝාතනය වු කුඩා හිමිවරුන් සමග එකට දානවලට වැඩම කිරිමට හැකි විය. එම හිමිවරුන් මෙසේ ඝාතන විම එදා අපට මහත් සංවේගයට හේතු විය. එදා සිට අප ත්‍රස්තවාදය වෙනුවෙන් මට කළ හැකි හැමදෙයක්ම සිදු කිරිම අදිටන් කර ගන්න හේතු විය.

අප සැමවිට සිහිපත් කල යුතු කරුණක් ලෙසත් කොටි ත්‍රස්තවාදයේ බිහිසුණු ක්‍රියා සම්බන්ධයෙන් නූතන පරපුර දැනුවත් කළ යුතුය. සිංහල සමාජයට මෙවැනි සිදුවීම් ඉතා කෙටි කාලයකින් අමතක වන බව ප්‍රසිද්ධ කතාවකි. ත්‍රස්වාදින් සැමරීම හා ත්‍රස්තවදය නිසා මිය ගිය රණවිරුවන් මෙන්ම සිවිල් වැසියන් සිහිපත් කිරි වෙනම කාරණයකි.

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදින් විසින් ඉතා කෲර ආකාරයෙන් ඝාතනය කරන ලද පුජ්‍ය හෑගොඩ ඉන්දසාර නාහිමියන්ගේ කුඩා ස්වාමින් වහන්සේලා අප සැමදා සැම කල් සිහිපත් කළ යුතුය.එදා අරන්තලාව භික්‌ෂු ඝාතනය සිදු කළ ස්‌ථානයේම එම බස්‌ රිය තුළ ඉදි කරන ලද භික්‌ෂු ප්‍රතිමාව ආදි සිහිවටන ඉදිකර තිබිම ඉතා අගය කල යුතුය. කුමක් හෙයින් ද මෙම සිදු විම් අප සමාජයෙන් ක්‍රමයෙන් අමතක වී ගෙන යන බැවිණි. මෑත ලෝක ඉතිහාසයේ දරුණුතම භික්ෂු සංහාරය වන්නේය.. එම සිදු විමෙන් ජීවිතය බේරාගෙන සුවකළ නොහැකි ලෙස ආබාධිත වූ එකම ස්වාමීන් වහන්සේ පූජ්‍ය ආඳාඋල්පොත බුද්ධසාර හිමියන් පමණි.

එල්. ටි.ටි.ඊ ත්‍රස්තවාදින්ගේ විසින් සිදු කරන ලද  බිහිසුණු  ක්‍රියා කිහිපයක් සිහිපත්  ඉතා වැදගත්ය. ඒ අනුව  1987 මධ්‍යම බස් නැවතුම්පල බෝම්බ ප්‍රහාරය, හැව්ලොක් මංසංදියේ බෝම්බ ප්‍රහාරය, 1990 ශ්‍රී ලාංකික පොලිස් නිලධාරින් සමූල ඝාතනය 1996 මහ බැංකු බෝම්බ ප්‍රහාරය, 1996 දෙහිවල දුම්රිය පොළ බෝම්බ ප්‍රහාරය, 1997 කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බෝම්බ ප්‍රහාරය, 1998 දළදා

මාලිගාවට එල්ල වූ ප්‍රහාරය, වැලිවේරිය බෝම්බ ප්‍රහාරය, අකුරැස්ස මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය, 2008 දෙහිවල දුම්රිය බෝම්බ ප්‍රහාරය, 2008 කොටුව දුම්රිය නැවතුම්පල බෝම්බ ප්‍රහාරය, 2008 පිළියන්දල බස් බෝම්බ ප්‍රහාරය, 2008 මොරටුව බස් බෝම්බ ප්‍රහාරය 2008 පොල්ගොල්ල බස් බෝම්බ ප්‍රහාරය, කැබිතිගොල්ලෑව සමූල ඝාතනය, කාත්තන්කුඩි මුස්ලිම් පල්ලියේ සමූල ඝාතනය, ශ්‍රී මහා බෝධි සමූල ඝාතනය, පල්ලියගොඩැල්ල සමූල ඝාතනය, ගෝනගල සමූල ඝාතනය, ගෝමරන්කඩවල සමූල ඝාතනය, මහවිලච්චිය සමූලඝාතනය, මහගොඩයාය සමූලඝාතනය, කෙන්ට් සහ ඩොලර් ෆාම් සමූලඝාතන, කල්ලරාව සමූලඝාතනය, කෝකිලායී සමූල ඝාතනය, 2001 ජුලි කටුනායක ගුවන් තොටුපළ ප්‍රහාරය, කොලොන්නාව තෙල් ටැංකි ප්‍රහාරය, අදි මෙකී නොකි ප්‍රහාර රාශියකට වගකිම ප්‍රභාකරන් විසින් බාරගත යුතුය.

මෙවැනි අතීතයක් ඇති ත්‍රස්තවාදයක් සම්බන්ධයෙන් අප ගත් ක්‍රියාමාර්ග හැර වෙනත් ක්‍රියාමාර්ගයක් අද ලෝකයාට ද බටහිර රටවල්වලට ද  නොමැත. එල්.ටි.ටි.ඊ  ත්‍රස්තවාදය සංවිධානය  සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රජය මගින් ගත් ක්‍රියා මාර්ගය අවබෝධ කර ගැනී ලෝකය විසින්  අවබෝධ කරගනිත්තායි පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *