නමගිය මත්ද්‍රව්‍ය ඡාවාරම්කාර මහමොළකරුවන් විශාල ප්‍රමාණයකට බෝගම්බර බන්ධනාගාරයේ සුපිරි නවාතැන් පහසුකම් ලබාදී ඇතිබව ජනමාධ්‍ය වාර්තා කර තිබුණි. මෙය ඉතාමත් ඛෙදජනක, හාස්‍යදනවන ක්‍රියාවකි. ඒ හොරොයින් කිලෝ 104 සමග අත්අඩංගුවටපත් මොහොමඩ් සුසෙයි, මොහොමඩ් සාහිර් යන දෙදෙනාට පවුලේ සාමාජිකයන්ට බන්ධනාගාර නිළධාරින්ට සිටිය හැකි බංගලාවල පහසුකම් සහිතව රැදි සිටිමට අවස්ථාව සලසා දී තිබුණේ කවුරුන්ද? ඒ බන්ධනාගාර නිලධාරින් මිසක් වෙන කවුරුත් නොව. දේශපාලන කේෂ්ත්‍රයට සමානව රාජ්‍ය සේවය ගැන ද අප දැන් කණගාටු වන්නෙමු.
විශේෂයෙන් බන්ධනාගාර නිලධාරින් හා පොලිස් නිලධාරින් රාජ්‍ය ආරක්ෂක අංශ වෙත බඳවා ගන්නේ මෙරට සිටින බුද්ධි අංශ නිලධාරින් විසින් කරන පරීක්ෂණයකින් විධිමත් අධ්‍යාපන මට්ටමක් ඇති පිරිසකි. එසේම මෙම නිලධාරින්ට මෙම කේෂ්ත්‍රය පිළිබඳව නිසි අවබෝධයක් ලබා දී බඳවා ගන්නා බවද සත්‍යයකි. එමගින් රටේ නීතිය, මෙන්ම එම ආයතන වල නීතිය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දී ඇත. එවැනි තත්ත්වයක් තුළ ධනයට, බලයට ලොල්වී ඇතැම් නිලධාරින් සිදුකරන නොහෝබිනා වැඩ නිසා රටේ ආරක්ෂාවට මෙන්ම සාමයට දැඩි තර්ජනයකට ලක් වී ඇත.
තවද මෙවැනි ක්‍රියාතුළින් සමස්ත පොලිස් නිලධාරින් හා බන්ධනාගාර නිලධාරින් සියලු දෙනාම අපහසුතාවයට පත්වීම වැළැක්විය නොහැක. මෙම සිද්ධියට සම්බන්ධ බන්ධනාගාර නිලධාරින්, පොලිස් නිලධාරින් පිළිබඳ වහාම පරීක්ෂණයක් කළ යුතුය. ඔබතුමාගේ යෝජනාවක් අනුව කැබිනට් මණ්ඩලය මගින් ඒකමතිකව තීරණය කරන ලද්දේ මත්කුඩු ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩය දියයුතු බවයි. එහෙත් එම යෝජනාව කාලෝචිත වුවද ඇතැම් දේශිය හා විදේශිය ලෝකවාසින්ගෙන් එන තර්ජන ගර්ජන සුළුපටු නොවිය හැක. එම බලපෑම නිසා මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට නොහැකි වන බව කණගාටුවෙන් වුවද ප්‍රකාශ කළ යුතුය.
එබැවින් 2015 මැතිවරණ ප්‍රකාශනයේ මෛත්‍රී පාලනයක්, ස්ථාවර රටක් යන ඔබතුමාගේ දේශපාලන ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සාදාචාර සම්පන්න සමාජයක් ගොඩනැගීමට පොරොන්දු වී ඇත. එහෙත් එයට දැනට වසර 03ක් ඉක්මවා ගොස් ඇතත් මත්කුඩු ජාවාරම අතිශයින්ම ප්‍රබල වී ඇත. බන්ධනාගාර කේෂ්ත්‍රය කඩාවැටී ඇත. ආරාජික වී ඇත. එම නිසා ගරු ජනාධිපතිතුමනි, විශේෂ විධිවිධාන පනත හරහා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මරණ දඩුවම ලක්කර ඇති රැඳවියන්ට නව බන්ධනාගරයක් හා නව අධීක්ෂණ මණ්ඩලයකින් යුත් නිලධාරි මණ්ඩලයක් පත්කර පාර්ලිමේන්තුවේ පනතකින් සම්මත කර නව නීති හා රෙගුලාසි සහිතව සම්මත කරගනිමින් බන්ධනාගාරය තුළ සිදුකෙරෙන විෂමාචාරයන් අවහිර කිරීමට වහා ක්‍රියාත්මක විය යුතුය.
බන්ධනාගාරය තුළ සියලුම සන්නිවේදන අවහිර වන අයුරින් සකස් කර විශේෂයෙන් තෝරාගත් හුදකලා ප්‍රදේශයක විශේෂ කාර්යබලකාය යටතේ දැඩි රැකවරණය සහිතව බන්ධනාගාරයක් ඉදිකර මරණ දණ්ඩනයට නියම වූ කුඩු ජාවරම්කරුවන් රැඳවිය යුතුය. මූලික අවශ්‍යතා හැර සියලු බාහිර සම්බන්ධකම් අවහිර කළ යුතුය. උක්ත කාරණා පිළිබඳව දැඩි අවධානයට යොමු කර දැඩි තීරණයකට පැමිණෙන ලෙස ඔබතුමාට බලකර සිටිමු.