SLT-MOBITEL mCash ඔස්සේ පහසුවෙන් ලීසිං වාරික ගෙවීමට පීපල්ස් ලිසිං ගණුදෙනුකරැවන්ට අවස්ථාවක්

SLT-MOBITEL විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය මත හඳුන්වා දුන් නව්‍ය ගෙවිම් සේවාවක් වන ජංගම
මුදල් ගනුදෙනු සහ මුදල් පසුම්බි පහසුකම හරහා පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ ලීසිං වාරික ගෙවීමට
ගනුදෙනුකරුවන්ට අවස්ථාව අත් කර දී තිබේ.
මෙරට ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවාවන් අතර නි‍යමුවකු වන SLT-MOBITEL සමාගම සහ
බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ හවුල්කාරීත්වය
මගින් පීපල්ස් ලීසිං සමාගමේ ගනුදෙනුකරුවන්ට වඩාත් පහසු හා කාර්යක්ෂම සේවාවක් ලබා දීමේ අරමුණින්
mCash සේවාව හරහා තම ලීසිං වාරික ගෙවීමට අවස්ථාව ලැබේ.
මෙහිදි පීපල්ස් ලීසිං ගනුදෙනුකරුවන්ට SLT-MOBITEL mCash wallet සේවාව ඔස්සේ හෝ mCash බලයලත්
අලෙවිසැල් වලදී පහසුවෙන් සහ ප්‍රමාදයකින් තොරව නිසි වේලාවට තම ලිසිං වාරික ගෙවීමට හැකියාව ලැබෙන
අතර අනෙක් අතට පීපල්ස් ලීසිං සමාගමටද නියමිත ලීසිං වාරික පහසු සහ ප්‍රමාදයකින් තොරව එකතු කර
ගැනීමට අවස්ථාව උදාවේ .
mCash බලයලත් අලෙවිසැල් ජාල දැනටමත් දිවයින පුරා ව්‍යාප්ත වී ඇති අතර ඉදිරියේදී තවත් අලෙවිසැල් මේ
සදහා එක්විමට නියමිතය. පීපල්ස් ලීසිං සමාගම සමග එක්ව ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය, SLT-MOBITEL
සමාගම ඩිජිටල් පරිවර්තනයට ශ්‍රී ලාංකීකයන් සමීප කරවීම සඳහා දරන උත්සාහයේ තවත් එක් වැදගත්
සන්ධිස්ථානයකි.
සෑම පාරිභෝගිකයෙකුගේම අවශ්‍යතාවන්ට හා ජීවන රටාවන්ට උචිත පරිදි නවතම අංග රාශියක් සමග හඳුන්වා
දෙන ලද මෙම SLT-MOBITEL mCash සේවාව ශ්‍රී ලංකාවේ ජංගම මුදල් ගනුදෙනු සහ මුදල් පසුම්බි සේවාවේ
නව්‍ය පෙරළියක් ඇතිකිරීමට සමත් විය.
මුදල් යැවීම හා ගෙන්වා ගැනීම, ජංගම දුරකථන රීලෝඩ් හා බිල්පත් ගෙවීම්, උපයෝගීතා සේවා බිල්පත් ගෙවීම්,
රක්ෂණ වාරික, ලීසිං සහ ෆිනෑන්ස් වාරික ගෙවීම්, Online/In-store ගෙවීම් සිදුකිරීම, QR කේත භාවිතා කරමින්
අලෙවිසැල් තුළදී ගෙවීම් සිදුකිරීම (ශ්‍රී ලංකා මහ බැංකුව මගින් හඳුන්වා දුන් LankaQR ප්‍රමිතීන්ට අනුව), බැංකු
තැන්පතු, ණය හා ක්‍රෙඩිට් කාඩ්පත් ගෙවීම් සහ ඩිජිටල් ණය පහසුකම් (mCash ඔස්සේ පාරිභෝගිකයාට අයදුම්
කළ හැකි ඩිජිටල් ණයකි) වැනි සේවාවන් හා පහසුකම් රාශියක් mCash ඔස්සේ ගනුදෙනුකරුවන් හට ලබා දී තිබේ.
මෙම SLT-MOBITEL mCash සේවාව දිවයින පුරා පිහිටි කුඩා පරිමාණ අලෙවිසැලේ සිට මහා පරිමාණ
අලෙවිසැල් දක්වා විහිදි තිබෙන අතර මේ සදහා Mobitel ශාඛා, SLT Teleshop අලෙවිසැල්, Singer
ප්‍රදර්ශනාගාර, Lanka Bell ශාඛා, Pay & Go Pay & Go Kiosks ඇතුළු දිවයින පුරා ස්ථාන 25,000 කට අධික
සංඛ්‍යාවක් ඔස්සේද mCash සේවාව භාවිතා කළ හැකි අතර, mCash App හරහා සෘජුවම mCash ගිණුම්
වලට මුදල් ඇතුළත් කිරීමටද හැකියාව ඇත.

ෂමීන්ද්‍ර මාර්සිලිං – ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරි, පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම, Mobitel
(PVT) Ltd හි ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ මහතා සමඟ අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගනිමින්,
Shiang Wong – නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී- පෙරගෙවුම්, රිෂානි ගුණරත්න – කළමනාකාර – ජංගම මූල්‍ය
සේවා, අමන්දි විජේසිංහ – විධායක – ජංගම මූල්‍ය සේවා, ලක්සඳ ගුණවර්ධන – නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි –
මෙහෙයුම්, පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී, ප්‍රභාත් ගුණසේන – නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි -තොරතුරැ
තාක්ෂණික අංශය, ශෙරින් ඉනෝකා දබරේ මහත්මිය, නිරංජන් සෙල්වනායගම් -ජ්‍යේෂ්ඨ කළමනාකාර –
ව්‍යාපාර පද්ධති නිර්මාණ – භාරත පතිරණ මහතා -කළමනාකරු – නිෂ්පාදන සහ ඩිජිටල් නාලිකා.

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ ඩිජිටල්කරණය

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම සිය ගනුදෙනුකරුවන්ගේ පහසුව වෙනුවෙන් මෑතකදී PLC Touch නමින් නව
ජංගම යෙදුමක් හඳුන්වා දෙන ලදී. ශ්‍රී ලංකාවේ බැංකු යෙදුමක් සඳහා මුල්ම වරට රක්ෂණ අංගය ඇතුලත්වන
රක්ෂණාවරණ අංගයද ඇතුලුව සුවිශේෂි අංග රාශියකින් PLC Touch APP සමන්විත වේ. මෙම යෙදුමට අතුලත්ව
ඇති අංග අතර QR කේත ක්‍රමය පදනම් කරගත් ගෙවීම්, උපයෝගීතා බිල්පත් ගෙවීම්, පීපල්ස් ලීසිං සමාගමේ
ඉතුරුම් ගිණුමකට අමතරව වෙනත් ඕනෑම බැංකුවක ඇති ඕනෑම ඉතුරුම් ගිණුමක් PLC Touch යෙදුමට ඇතූලත්කර
ගැනීම (mapping) මඟින් වෙනත් බැංකුවක හෝ ඕනෑම ගිණුමක ගණුදෙනු කටයුතු සිදුකිරිම, ඕනෑම බැංකු ගිණුමක
ඔස්සේ පීපල්ස් ලීසිං සමාගමේ ණය හා ලීසිං වාරික සම්බන්ධ ගෙවීම් සිදුකිරීම වැනි සේවාවන් රාශියක් PLC
Touch ඔස්සේ ලබාගත හැකි වේ. හදිසි අනතුරකදී හිමිකම් ක්‍රියාවලිය සරල කිරීම සඳහා“Call & Go”
ක්‍රමවේදය මගින් කාලය වැයකිරීමෙන් තොරව විනාඩි ගණනක් තුළ වෙහෙසකර ලියකියවිලි අඩු කර මිනිත්තු
කිහිපයක් ඇතුළත නව රක්ෂණ ඔප්පුවක්, රථවාහන රක්ෂණ වලට අදාළ හිමිකම් මුදල් ලබාගැනීමේ ක්‍රියාවලියද සරල
කරයි.
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම ඩිජිටල්කරණයේ තවත් පියවරක් ලෙස මාර්ගගත ලීසිං පහසුකම්
සැපයීමට සහ චෙක්පත් මුද්‍රණ ක්‍රියාවලිය ඩිජිටල් කිරීමට සහ විමධ්‍යගත කිරීම සඳහා ඩිජිටල් යෙදුම් දෙකක්
හදුන්වා දීමට කටයුතු දියත් කළේ ය. CAPP යෙදුම හරහා ඉතාමත් කාර්යක්ෂම ක්‍රියාවලියක් ඔස්සේ
පාරිභෝගිකයන් ආපසු හැරවීමේ කාලය වැඩි දියුණු කරන බාධාවකින් තොරව මාර්ගගත ක්‍රමයට අනුමැතිය
ලබාගනිමින් ණය පහසුකම් සැපයීමට අවස්ථාව සලසා දෙයි.

DCHEQUE යනු පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ තොරතුරු තාක්ෂණ කණ්ඩායම, මහජන බැංකුව සමග
එක්වී නිර්මාණය කළ තවත් පෙරළිකාරී ඩිජිටල් නවෝත්පාදනයකි. මෙම ගෙවීම් සේවාවට SLIPS, CEFT,
RTGS සහ අභ්‍යන්තර අරමුදල් හුවමාරු කිරීමේ විකල්පය ඇතුළත් වේ.පද්ධතිය තුළ සිදුකරන ගෙවීම් තහවුරු
කරගැනීම සඳහා වඩාත්ම සුරක්ෂිත විසඳුමක් වශයෙන් මහජන බැංකුව සමඟ එක්වී මෙය නිර්මාණය කරන ලදි.
DCHEQUE හරහා පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ සමස්ත ශාඛා ජාලයටම විද්‍යුත් ලිපිලේඛන සමගින්
ඩිජිටල් ක්‍රමයට ගෙවීම් කළමනාකරණය කළ හැකි වේ. මෙහිදී සුරක්ෂිත ලෙස අනුමැතිය ලබාදීමේ ක්‍රමවේදයක්
යටතේ ඩිජිටල් අත්සන මුද්‍රණය කළ හැකි නිසා, සාමාන්‍ය පරිදි අත්සන් යෙදීම අවශ්‍ය නැත. එපමනක් නොව,
බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නවෝත්පාදකයෙකු වශයෙන්, පීපල්ස් ලීසිං සමාගම මේ වනවිට Self-e-
Cash නමින් තවත් සේවාවක් හඳුන්වා දී තිබේ. මෙමගින් ගනුදෙනුකරුවන්ට තම ස්ථාවර තැන්පතු ඇපයට තබා
ක්ෂණික ණයක් ATM යන්ත්‍රයකින් ලබාගැනීමට හැකියාව ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *