සිසු සිසුවියන්ගේ තාක්ෂණික හා අන්තර් පුද්ගල කුසලතාවන් සංවර්ධනය කිරීමට එයාර්ටෙල්, ගාල්ල තාක්ෂණික විද්‍යාලය සමඟඅත්වැල් බැඳ ගනී

ශ‍්‍රී ලංකාවේ තාරුණ්‍ය කේන්ද්‍ර කරගත් ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන
එයාර්ටෙල් ලංකා තාක්ෂණික හා අන්තර් පුද්ගල කුසලතාවන් යන දෙඅංශය සංවර්ධනය
කිරීමට සහ නව පරම්පරාවේ තාක්ෂණික විශේෂඥයින්ට හා ව්‍යවසායකයින්ට ඒ පිළිබඳ
දැනුම වැඩිදියුණු කර ගැනීමට සහාය දැක්වීම සඳහා ගාල්ල තාක්ෂණ විද්‍යාලය (COT,
Galle) සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය.
මෙම හවුල්කාරීත්වය හරහා එයාර්ටෙල් ලංකා විසින් ගාල්ල තාක්ෂණ විද්‍යාලයේ කනිෂ්ඨ
සහ ජ්‍යෙෂ්ඨ කණ්ඩායම්වල සිසු සිසුවියන් 30 දෙනෙකුට ඔවුන්ගේ කුසලතා සංවර්ධනය
කර ගැනීමට හා පුහුණුවීම් කිරීමට ප‍්‍රවේශය මෙන්ම නව පරිගණක හා අවශ්‍ය
උපකරණ ද ලබා දෙනු ඇත. එමෙන්ම එහි අවසන් වසරේ ඉගෙනුම ලබන විශිෂ්ටතම
සහ දීප්තිමත් සිසු සිසුවියන් සඳහා මාස 6-12 ක් දක්වා වැටුප් සහිත සීමාවාසික
වැඩසටහනක් හඳුන්වා දීම හරහා එයාර්ටෙල් ඔවුන්ට සැබෑ ලෝකය පිළිබඳ අත්දැකීමක්
ද ලබා දෙනු ඇත.
මේ පිළිබඳව අදහස් දක්වන එයාර්ටෙල් ශ‍්‍රී ලංකා කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන
විධායක නිලධාරී අශීෂ් චන්ද්‍රා මහතා පැවසුවේ ”ලෝකයේ බොහෝ රටවල් මෙන් ශ‍්‍රී
ලංකාව ද දැඩි ආර්ථික අවිනිශ්චිතතාවකට මුහුණ දෙමින් සිටිනවා. ඒ නිසා මෙවැනි
අවස්ථාවලදී සියලූම ආයතන එක්ව ඵලදායිතාවය ඉහළ නැංවීමට සහ දියුණු වීම සඳහා
නව අවස්ථා විවිර කර ගැනීම සඳහා පෙළ ගැසිය යුතුයි. මෙම තත්වයෙන් නැවත යථා
තත්වයට පත් වීමේදී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ ජංගම විදුලි සංදේශ
සේවා අංශයට වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකි බව අපි විශ්වාස කරනවා.’’
යනුවෙනි.
”සාර්ථක වීමට නම්, මෙම ක්ෂේත‍්‍රවලින් ඔවුන්ට විශිෂ්ටත්වය පෙන්වීමට අප තරුණ
ශ‍්‍රී ලාංකිකයන් අවශ්‍ය දැනුමින් සහ මෙවලම්වලින් සන්නද්ධ කළ යුතු අතර ඔවුන්ව
පුහුණු කළ යුතුයි. මෙය ශ‍්‍රී ලංකාව පුරා වේගවත්, විමධ්‍යගත ආර්ථික සංවර්ධනය හා
නව රැකියා අවස්ථා නිර්මාණය කිරීමෙහිලා නව ආදර්ශයක් ඇති කරනු ඇතැයි අප
විශ්වාස කරනවා. අප ගාල්ල තාක්ෂණ විද්‍යාලය සමඟ ඇති කරගත් මෙම
සහයෝගීතාවය මෙම ගමන්මගේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් බව අපේ හැඟීමයි.’’
යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.
Huawei වැනි උපාය මාර්ගික ව්‍යාපාරික හවුල්කරුවන් සමඟ එයාර්ටෙල් හි දැනට පවතින
සබඳතා උපරිම ලෙස භාවිත කරමින් සිසු සිසුවියන්ට දත්ත සන්නිවේදනය, මයික්‍රොවේව්
සවි කිරීම හා ආකෘතිය BSS ජාල පිළිබඳ ප‍්‍රායෝගික/තාක්ෂණික පුහුණුවක් ද ලබා දෙනු
ඇත. මීට අමතරව, ගාල්ල COT හි උපාධිධාරීන්ට එයාර්ටෙල් ඉංජිනේරුවරුන්ගේ වෘත්තීය
ගමන, පුද්ගලික ප‍්‍රතිරූප ගොඩනැගීම, ආයතනික ක්ෂේත‍්‍රයට පිවිසීමේදී ඇති
අපේක්ෂාවන් පිළිබඳ අන්තර් පුද්ගල කුසලතාවන් පුහුණු කිරීම සහ උපදේශනය ද හිමි
වේ. තවද සම්මුඛ පරීක්ෂණවලට පෙනී සිටීම පිළිබඳ ප‍්‍රායෝගික උපදෙස් මෙන්ම
ජංගම විදුලි සංදේශ සේවා ක්ෂේත‍්‍රයේ වැදගත් මෙහෙයුම් අංශයන් පිළිබඳ ප‍්‍රායෝගික

අත්දැකීමක් ලබා ගැනීම සඳහා මාලිගාවත්තේ පිහිටි Airtel Mobile Switching Center (MSC)
වෙත පැමිණීමට ද අවස්ථාවන් හිමි වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *