තෝරාගත් සැම්සුන් Smart devices සඳහා 5G තාක්ෂණික අත්දැකීම ලබා දීමට

Samsung, SLT-MOBITEL සමඟ අත්වැල් බැඳගනී

ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳ නාමය වන සැම්සුන් තෝරාගත් සැම්සුන් devices
සඳහා 5G තාක්ෂණික අත්දැකීම ලබා දීම සඳහා SLT-MOBITEL සමඟ පසුගියදා අත්වැල්
බැඳගත්තේය. මෙය ජූනි මස මුල් සතියේ සිට ක‍්‍රියාත්මක වේ. මේ අනුව සැම්සුන්
පරිශීලකයන්ට දැන් SLT-Mobitel 5G අත්හදා බැලීමේ (trial) කලාපවල සුපිරි 5G අත්දැකීමක්
අත්විඳීම සඳහා ඔවුන්ගේ 5G හැකියාව සහිත device SLT-Mobitel ජාලය තුළ භාවිත කිරීමට
හැකි වේ.
සෑම ශ‍්‍රී ලාංකිකයෙකුටම අති නවීන 5G තාක්ෂණික අත්දැකීම අත්විඳීමට හැකියාව
ලබාදෙමින්, සුපිරි බ්‍රෝඞ්බෑන්ඞ් සම්බන්ධතාව සහ SLT-Mobitel හි ඊලඟ පරම්පරාවේ
සම්බන්ධතාවය සමඟින් එන ප‍්‍රතිලාභ රැසක් සමඟින් SLT-Mobitel හි 5G තාක්ෂණය
සැම්සුන් පරිශීලකයින්ට ඔවුන්ගේ devices උපරිමයෙන් භාවිත කිරීමට හැකියාව ලබා
දෙයි.
මේ පිළිබඳව අදහස් දක්වන Mobitel හි ප‍්‍රධාන විධායක නිළධාරී චන්දික විතාරණ
මහතා පැවසුවේ ‘’ජාතික ICT විසඳුම් සපයන්නා ලෙස අප ශ‍්‍රී ලංකාව තාක්ෂණික
විප්ලවයේ මීළඟ අදියර කරා ගෙන යාමට කැපවී සිටිනවා. සැම්සුන් සමඟ ඇති අපගේ
හවුල්කාරිත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා
වන ඉදිරි පියවරක්. ලෝකයේ ප‍්‍රමුඛතම අන්තර්ජාල වේග පරීක්ෂක ස්ථාන සඳහා
වේගයෙන් පරීක්ෂණ තාක්ෂණය සපයන Ookla විසින් අඛණ්ඩව වසර තුනක් වේගවත්ම
ජංගම දුරකතන ජාලය ලෙස පිළිගැනීමට ලක් කර ඇති SLT-Mobitel Mobile අපගේ
අනාගතය සඳහා සූදානම් යටිතල පහසුකම් සහ ඊළඟ පරම්පරාවේ සම්බන්ධතා
අත්දැකීම සමඟින් ශ‍්‍රී ලංකාව පරිවර්තනයට ලක් කිරීමට සූදානමින් සිටී. තෝරාගත්
සැම්සුන් Smartphone devices සඳහා 5G තාක්ෂණික අත්දැකීම ලබා දීමෙන් සැම්සුන්
පරිශීලකයින්ට ඔවුන්ගේ 5G හැකියාව සහිත device එක උපරිම හැකියාවෙන් භාවිත
කිරීමට අප හැකියාව ලබා දෙනවා. 5G අත්දැකීම සමඟින් පාරිභෝගිකයින්ගේ ජීවිත
බුද්ධිමත් හා වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යා හැකි තාක්ෂණය සහ යටිතල
පහසුකම් අප සතුව ඇති නිසා SLT-Mobitel හි අප, අපගේ පාරිභෝගිකයින්ට සුවිශේෂී
අත්දැකීම් ලබා දීම සඳහා අඛණ්ඩව නව ක‍්‍රම සොයමින් සිටිනවා.’’ යනුවෙනි.
‘’SLT-Mobitel හි සහයෝගයත් සමඟින් අපගේ පුළුල් පරාසයක ස්මාර්ට් ජංගම
දුරකතනවලට 5G හඳුන්වා දුන් පළමු smartphone වෙළෙඳ නාමය වීම ගැන අප සතුටුයි.
පහසුව, හැඩය සහ ඉහළ තාක්ෂණය ඔබේ වෙතටම ගෙන එමින් 5G සමඟින් ඔබ වෙත
ගෙන එන නවතම ප‍්‍රතිලාභවලින් ද එය සමන්විත වන නිසා සැම්සුන් දැන් Future Ready
ය. 5G යනු උපරිම ධාරිතාවයෙන් එය භාවිත වන බව සහතික කිරීම සඳහා සැම්සුන්
Galaxy devices වලට කළ නවතම හඳුන්වා දීමයි. 5G ශ‍්‍රී ලංකාව පුරා හඳුන්වා දීමට පටන්
ගැනීමත් සමඟ මුළු රටම වඩාත් හොඳ ජංගම දුරකථන ජාලයකට සම්බන්ධ වීම වැඩි
ඈතක නොවනු ඇත. සැම්සුන් සැමවිටම පාරිභෝගිකයින්ට ඔවුන්ගේ smartphones වලින්
හොඳම දේ ලබා ගැනීම සහතික කරන අතර අපගේ 5G හඳුන්වා දීම වඩාත් සාර්ථක
ලෙස සිදු කිරීමට අප මහත් පරිශ‍්‍රමයක් දරන්නේ ඒ නිසයි. පාරිභෝගිකයින්ට දැන් 5G
සමඟින් ඔවුන්ගේ Galaxy smartphones හරහා ඔවුන්ගේ සිහින සැබෑ කර ගත හැකියි.’’

යනුවෙන් සැම්සුන් ශ්‍රී ලංකා කළමනාකාර අධ්‍යක්ෂ කෙවින් සුන්ග්සු යූ මහතා
පැවසුවේය.
සැම්සුන් Galaxy smartphones යනු 12 5G band තාක්ෂණය සහිත 5G devices වේ. SLT-Mobitel
විසින් 5G ජාලය ශ‍්‍රී ලංකාවට හඳුන්වා දී බැවින් එම devices වලට 5G අත්දැකීම විඳ
ගැනීමට අවස්ථාව ඇති බව මෙයින් අදහස් අදහස් වේ. 5G ජාලය ශ්‍රී ලංකාව තුළ
ක‍්‍රියාත්මක වීමට පෙර පවා සැම්සුන් N1, N3, N5, N7, N8, N20, N28, N38, N40, N41, N66 සහ
N78 යන 12 5G band තාක්ෂණය සහිත smartphones පාරිභෝගිකයින්ට හඳුන්වා දීමට
කටයුතු කළේය.
Galaxy 5G සමඟින්, ශ‍්‍රී ලංකාවේ 5G band එක කුමක් වුවත්, පරිශීලකයින්ට සහතික කළ
5G සම්බන්ධතාවයක් හිමි වනු ඇති අතර දිවයින පුරා ඕනෑම 5G ජාලයකට බාධාවකින්
තොරව ප‍්‍රවේශය හිමි වනු ඇත. බාධාවකින් තොර අඛණ්ඩ 5G තාක්ෂණය මගින් ඉතා
වේගයෙන් අන්තර්ගතයන් download, share සහ stream කිරීමට උපකාරී වේ.
Galaxy S21 Ultra 5G, S21+ 5G සහ S21 5G ආදිය SLT-Mobitel 5G හැකියාව සහිත devices වන
අතර Galaxy Z Fold 3, Galaxy Z Flip 3, Galaxy Z Fold 2, Galaxy Note20 Ultra 5G, Galaxy Note20 5G,
Galaxy A22 5G, Galaxy F42 5G, Galaxy S22 Ultra 5G, S22+ 5G සහ S22 5G යන එක් එක් මාදිලිය
සඳහා මීළඟ software නිකුතුවේදී SLT-Mobitel 5G හැකියාව ලැබෙනු ඇත.
ශ‍්‍රී ලංකාවේ ජාතික ICT විසඳුම් සපයන්නා වන SLT-Mobitel, දේශීය වෙළඳපොළට නවතම
ජංගම දුරකතන තාක්ෂණය හඳුන්වා දීමේ පුරෝගාමියා වේ. 2019 දී වාර්තාගත
වේගයක් පෙන්නුම් කරමින් 5G ස්මාර්ට් ජංගම දුරකතනයක් සිය 5G trial network එකට
සම්බන්ධ කළ පළමු ජාලය ද වන්නේ SLT-Mobitel ය. තවද, SLT-MOBITEL ශ‍්‍රී ලංකාවේ
මෑතකදී 2.5Gbps ක් ඉක්මවා ගිය ඉහළම ජංගම දුරකතන 5G වේගය වාර්තා කළේය.
තවද, SLT-Mobitel සිය පාරිභෝගිකයින්ට තමන් සමඟින් 5G හි සැබෑ වෙනස අත්විඳීමට
අවස්ථාව ලබා දීම සඳහා සිය 5G ready network යටිතල පහසුකම් තවදුරටත් පුළුල්
කරමින් සිටී. Streamers, පාරිභෝගිකයින්, වීඩියෝ ක‍්‍රීඩාවල නිරතවන්නන්ට සහ ඩිජිටල්
ක‍්‍රියාකාරිකයින්ට https://5g.sltmobitel.lk වෙත පිවිසීමෙන් 5G අත්හදා බැලීමේ කලාප
පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකිය. නැත්නම් ළඟම ඇති ප‍්‍රධාන ප‍්‍රදර්ශනාගාරයට
ගොස් 5G හි පරිවර්තනීය වෙනස අත්විඳින්න. SLT-Mobitel සමඟ අනාගතය කෙබඳු වේදැයි
අත්විඳින්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *