නිදහස් කලා සන්ධානය යෝජනා කල කලාකරුවන්ගේ ගැටළු විසඳන්න අගමැති එකගවේ.

විවිධ අපහසුතා මැද නිර්මාණකරණයේ යෙදෙන කලාකරුවන්ගේ ගැටලු පියවරින් පියවර විසඳීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. හරවත් නිර්මාණ සඳහා ජාත්‍යන්තරය තුළ ඉඩක් ලබා දීමට තානාපති කාර්යාල හරහා වැඩපිළිවෙළක් සකස් කිරීමට ද අග්‍රාමාත්‍යවරයා එකඟතාවය පළ කළා.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම එකඟතාවය පළ කළේ නිදහස් කලා සන්ධානය කලාකරුවන් රැසක් හමු වූ අවස්ථාවේ. අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මෙම හමුවට නිදහස් කලා සන්ධානයේ සභාපති සුදත් රෝහණ, උප සභාපති ශ්‍රියන්ත මෙන්ඩිස් සහ චන්දන සමරසේකර, ලේකම් මෙලනි අසෝකා, මාධ්‍ය ලේකම් සමන් චන්ද්‍රරත්න, භාණ්ඩාගාරික සරත්චන්ද්‍ර මුතුබණ්ඩා , විධායක සභිකයන් වන ඩග්ලස් සිරිවර්ධන, ආනන්ද වීරසිරි, නිමල් රාජපක්ෂ, නිව්ටන් විදානපතිරණ, වසත් චන්ද්‍රසිරි, ජයදේව මෙන්ඩිස්, රොෂාන් වෙල්ලප්පුලි, රාජා රණසිංහ සහ අග්‍රමාත්‍ය මාධ්‍ය ලේකම් ලලිත් රෝහණ යන මහත්ම මහත්මීන් සහභාගි විය.
නිර්මාණාත්මක ටෙලි නාට්‍ය රසවින්දනය උදෙසා ජාතික සංස්කෘතික නියාමන මණ්ඩලයක් පිහිටුවීම කාලීන අවශ්‍යතාවයක් බව කලාකරුවන් මෙහිදී පෙන්වා දුන්නා. අර්ථ විරහිත නිර්මාණ ප්‍රචාරය නියාමනය කරමින් ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් සැකසීම නියාමනය කළයුතු බවයි කලාකරුවන් පැවසුවේ.
වේදිකා නාට්‍ය කලාව නැංවීම උදෙසා යෝජනා කිහිපයක් මෙහිදී කලා කරුවන් ඉදිරිපත් කළා. නිර්මාණකරණයේදී පසුතල සඳහා භාවිතා කරන ස්ථාන වලට අධික මුදලක් අය කරන බැවින් සහනයක් ලබා දෙන ලෙස කලාකරුවන් ඉල්ලා සිටියේ. සිනමා පාසලක් පිහිටවීම, කලාකරුවන් වෙනුවෙන් ලොතරැයියක් හඳුන්වාදීම, කලාකරු රක්ෂණාවරණය, විශ්‍රාම දීමනාව වැඩිකිරීම ආදී තවත් කරුණු රැසක් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *