HNB අඛණ්ඩව හයවන වසරටත් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ශ්‍රේණිගත වෙයි

ලොව වඩාත් සාර්ථකම හා ස්ථාවර බැංකුවක් ලෙස සිය කීර්ති නාමය තවදුරටත්
ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන්
නැෂනල් බැංකුව එක්සත් රාජධානියේ කීර්තිමත් ද බෑන්කර් සඟරාව විසින් අඛණ්ඩව
හයවන වරටත් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ශ්‍රේණිගත කර ඇත.
ද බෑන්කර් සඟරාව යනු 1926 සිට ජාත්‍යන්තර මට්ටමේ මූල්‍ය තොරතුරු සපයන
බැංකුකරණය හා මූල්‍යය පිළිබඳව ලෝකයේ ප‍්‍රමුඛතම තොරතුරු මූලාශ‍්‍රය වේ. 1970
සිට ද බෑන්කර් සඟරාව සිදු කරනු ලබන ලෝකයේ හොඳම බැංකු 1000 ශ්‍රේණිගත කිරීම
මෙම ක්ෂේත‍්‍රයේ මිණුම් දණ්ඩක් ලෙස සැලකෙන අතර එමඟින් බැංකු ක්ෂේත‍්‍රයේ
ස්ථාවරත්වය හා මූල්‍ය ශක්තිය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දෙයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී
ජොනතන් අලස් මහතා පැවසුවේ ‘’ලොව පුරා මෑතකාලීනව සිදු වූ ආර්ථික අර්බුද
හේතුවෙන් රජයන් සහ මූල්‍ය ආයතන දැඩි අසීරු තත්වයකට පත් කර නව
අභියෝගවලට මුහුණ දීමට ඔවුන්ට බලකර සිටිනවා. එපමණක් නොව, ශ‍්‍රී ලංකාවේ
මේ වන විට පවතින ආර්ථික අර්බුදය හමුවේ, මෙම අභියෝග දේශීය මූල්‍ය ආයතනවල
ශක්තිය ඉතා දැඩි ලෙස පරීක්ෂා කර තිබෙනවා. මෙවැනි පසුබිමක් තුළ HNB හොඳම
ගෝලීය බැංකු 1,000 අතරට ශේණිගත වීම ඇත්තෙන්ම අපගේ ශක්තිය සහ
ස්ථාවරත්වය පිළිබඳ කදිම සාක්ෂියක්. ඒවගේම එය පාරිභෝගිකයින්ට සහ රට නැවත
දෙපයින් නැගී සිටීමට මෙන්ම නැවත ගොඩනැගීමට සහය දැක්වීමේ අපගේ උත්සාහය
තවදුරටත් තහවුරු කරනවා.’’ යනුවෙනි.
තවද මෑතකදී පාරිභෝගික බැංකුකරණයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛයා ලෙස නැවතත් සිය
විශිෂ්ටත්වය සනිටුහන් කරමින් ඒෂියන් බෑන්කර් සඟරාව විසින් පැවැත්වූ 2022
කීර්තිමත් ජාත්‍යන්තර පාරිභෝගික මූල්‍ය සේවා සම්මාන උළෙලේදී 12 වැනි වරටත් ශ‍්‍රී
ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් HNB අභිසෙස් ලැබීය.
අර්බුද හමුවේ සිය විශිෂ්ටත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව මැනවින් පෙන්නුම්
කරමින්, පාරිභෝගිකයින්ට දුරස්ථව ගනුදෙනු කිරීමට පහසු, පරිපූර්ණ සහ ආරක්ෂිත
විකල්පයන් සපයනු ලබන ඩිජිටල් හැකියාව සහිත සේවා සැපයීමේ සිය අධිෂ්ඨානශීලී
ගමන්මගේ බැංකුව අඛණ්ඩව ප‍්‍රගතියක් ලබා තිබේ. මේ වසරේදී බැංකුව විසින් දියත්
කළ අති සාර්ථක බැංකු මූල්‍ය නිෂ්පාදනයක් වන HNB FIT, Asian Digital Finance Forum and
Awards හිදී ‘විශිෂ්ටතම IoT මුලපිරීම’ ලෙස ඇගයීමට ලක් විය. Asian FinTech Academy (AFTA)
විසින් සත්කාරකත්වය සපයනු ලබන මෙම සම්මාන උළෙල ඩිජිටල්කරණය තුළ
නවෝත්පාදනයන් හඳුන්වාදෙන සංවිධාන සහ බලපෑම්කාරී පුද්ගලයින් හඳුනාගෙන
ඇගයීමට ලක් කරනු ලබයි.
තවද HNB 2021 ජාත්‍යන්තර මූල්‍ය සඟරා සම්මාන උළෙලේදී ‘‘විශිෂ්ටතම පාරිභෝගික
බැංකුව’’ සහ ‘‘විශිෂ්ටතම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) බැංකුව’’ යන
සම්මාන හිමි කරගැනීමට සමත් වූ අතර අඛණ්ඩව සිව්වන වරටත් ශ්‍රී ලංකාවේ වඩාත්ම
ගෞරවනීය සමාගම් 10 අතරට තේරී පත් වී ඇත.
මෙරට ගෙවීම් තාක්ෂණ නවෝත්පාදන අංශයේ ප‍්‍රමුඛයින් සම්මානයට පාත‍්‍ර කිරීම
සඳහා පැවති 2022 LankaPay Technnovation සම්මාන උළෙලේ දී සම්මාන හතරක් දිනා
ගනිමින් සිය විශිෂ්ටත්වය නැවතත් පෙන්නුම් කිරීමට HNB සමත් විය. පාරිභෝගික

පහසුව සඳහා වන වසරේ විශිෂ්ටතම බැංකුව සහ මූල්‍ය ඇතුළත් කිරීම් සඳහා වන
කාණ්ඩයේ වසරේ බැංකුව සඳහා වන රන් සම්මාන දිනා ගැනීමට අමතරව ‘විශිෂ්ටතම
ඩිජිටල් ගෙවීම් උපායමාර්ගය සඳහා වසරේ මුල්‍ය ආයතනය’ සඳහා වන රිදී සම්මානය ද,
මෙම වසරේ ‘අන්තර් බැංකු ඩිජිටල් ගෙවීම්වල විශිෂ්ටත්වය (බැංකු ආයතන) – සමස්ත
සම්මානය’ සඳහා ලෝකඩ සම්මානය ද දිනා ගැනීමට HNB සමත් වීම මෙහිදී විශේෂයෙන්
කැපී පෙනිණි.
මීට අමතරව HNB හි ජනප‍්‍රියතම ඩිජිටල් ගෙවීම් යෙදවුම වන SOLO දැනටමත් LANKA QR
වැඩසටහන සමඟ සම්බන්ධ වී සිටින අතර ඩිජිටල් ගෙවීම් යෙදවුම් හා මුදල් රහිත QR
කේත පදනම් කරගත් ගෙවීම් රට පුරාම ව්‍යාප්ත කිරීමේ ප‍්‍රයත්නයට අනෙකුත්
බලපත‍්‍රලාභී මූල්‍ය ආයතන හා සන්නිවේදන සහකරුවන් සමඟ HNB ද සම්බන්ධ වී සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *