සිනමා ශිල්පීන්ගේ විජය සැමරුම සමග චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ අඹ පැලයක් රෝපනය කරයි..

කලකට ඉහත අපේ රටේ ජනතාවගේ සිත්සතන් තුළ නොමැකෙන මතකයන් සිතුවම් කළ අසහාය රංගධරයකු, ලයාන්විත ගී හඬින් හද සැනසූ ගායන ශිල්පියකු වූ එතුමන් අකාලයේ අප අතරින් වියෝ වුණා. අදටත් එතුමන් ශ්‍රී ලාංකේය රිදී තිරයේ සදා අමරනීයයි. ඒ අන් කවරකුවත් නොවේ. දිවංගත රංගන ශිල්පී විජය කුමාරණතුංග කලා ශිල්පියාණන්.

එතුමන් ගේ 77 වන ජන්ම දිනය නිමිත්තෙන්, දේශීය සිනමා ශිල්පීන් ගේ සංධානයේ සම්බන්ධීකරණයෙන් සිනමා ශිල්පීන්ගේ විජය සැමරුම, පසුගිය(29) දා චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ දී පැවැත්වුණා. අපේ රටේ ප්‍රවීන දේශපාලනඥයින්, ජ්‍යෙෂ්ඨ කලා ශිල්පීන්, රංගවේදීන්, මාධ්‍යවේදීන්, සිනමාවේදීන්, රාජ්‍ය නිළධාරීන් ඇතුළු එතුමන්ට ආදර කළ රසික රසිකාවියන් බොහෝදෙනා මෙම සැමරුම වෙනුවෙන් එක්වුණා.

වැඩසටහන ආරම්භයට මත්තෙන් දිවංගත විජය කුමාරණතුංගයන්ගේ ජන්ම දිනය සිහිකරමින් දේශීය සිනමා ශිල්පීන්ගේ සංධානයේ සභාපති පද්මසිරි කොඩිකාර මහතාගේ ආරාධනාවකට අනුව කොළඹ පන්නරය නිර්මාතෘ සචිත් රණසිංහ මහතාගේ මූලිකත්වයෙන් චිත්‍රපටි සංස්ථා පරිශ්‍රයේ දී අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් විසින් අඹ පැලයක් රෝපනය කරනු ලැබුවා.

එතුමන්ගේ ගුණ වර්ණනා මෙන්ම රසික හදවත් හී රැන්දූ එතුමන් ගායනා කල ගීත ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීන් මෙන්ම නව පුරපුරේ යොවුන් කලා ශිල්පීන් ගායනා කළ අතර ඒ තුළින් සපැමිණි අයට අතීත මතක සටහන් ආවර්ජනය කිරීමට අවස්ථාව උදා වුණා.

ආදරණීය විජය කුමාරණතුංග නම්වූ අසහාය රංගවේදියාණනි ඔබ, ශ්‍රී ලාකේය සිනමා මතකයන් තුළ සදා අමරණීයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *