NIPPON PAINT KATUKURUNDA SPEED 2022

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා පාලක මණ්ඩලය වන ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ස්පෝර්ට්ස් (Sri Lanka Automobile Sports – SLAS) විසින් මෙරට මෝටර් රථ තරග යළි ආරම්භ කරනු ලබන්නේ දෙසැම්බර් 3 සහ 4 යන දිනවල කටුකුරුන්ද ධාවන පථයේ දී ජනප්‍රිය ධාවකයන් රැසක්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියම්ත Nippon Paint Katukurunda Speed 2022 වන තරගාවලියත් සමඟය . ප්‍රධාන හවුල්කරු ලෙස මෙම අවස්ථාව බලගන්වනු ලබන්නේ NIPPON PAINTS විසිනි.

මෙවර තරගය නරඹන්නන් සදහා විවෘත වන අතර YouTube, Facebook, සහ PEO TV ඔස්සේ සජීවීවද විකාශය කරනු ලැබේ. මෙරට වේගවත් ධාවන පතයේ තම දසුකම් විහදාලීමට තරගකරුවන් 128 දෙනෙකු සූදානම්ව සිටී. මෙම තරගය ධාවන ඉසව් 10ක්  ය‍ටතේ තරග 12ක් ලෙස සංවිධානය කර ඇත.  ඉහළම තලයේ SL ‘H’ Honda 1600 CC සහ SL ‘GT’ 3500 CC සුපිරි මෝටර් රථ සඳහා පිළිවෙලින් තරග දෙකක් ලබා දෙනු ඇත.

NIPPON PAINTS වෙතින් මෝටර් රථ තරග ධාවකයන්ට ඉමහත් දායකත්වයක් සපයා ඇති අතර NIPPON PAINTS හි හවුල්කාරිත්වය නව පරපුරට ඔවුන්ගේ උපරිම හැකියාවන් විදහාලීමට අවස්ථාව සලසා දෙමින් තරුණ දක්ෂයින් පෝෂණය කිරීම සඳහා වූ සාමූහික කැපවීම පිළිබිඹු කරයි. තවද රටෙහි පවතින ඉන්ධන හිගය සැලකිල්ලට ගෙන මාස 10කට ආසන්න කාලයක් නැවතී තිබූ ධාවන තරග යළි ධාවකයන්ට හා ප්‍රේක්ෂකයන් වෙත තිළිණ කිරීමට SLAS ජාතික සභාව මූලිකත්වය ගෙන ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ සහාය ඇතිව පැවැත්වෙන මෙම තරගයට පෙර අවස්ථාවල මෙන් මෙවරද කටුකුරුන්ද නරඹන්නන්ගෙන් පිරී ඉතිරී යනු ඇත. අන්තර්ජාලය සහ රූපවාහිනිය හරහා සුපැහැදිලි නැරඹුම් අවස්ථා සැපයීමට කටයුතු සූදානම් කර තිබේ.

SLAS සභාපති අෂ්හර් හමීම් මහතා පවසන්නේ: “රියදුරන් වෙනුවෙන් තරගයක් පැවැත්වීමට SLAS සාමාජික සමාජ 10ම දෙවන වරට එක්තැන් කිරීමට හැකි වීම ගැන අපි ඉතා සතුටු වෙනවා. මෝටර් රථ ධාවන තරග කියන්නේ ක්‍රිකට් වලට පසුව රටේ වැඩිම ප්‍රේක්ෂකයින් නරඹන දෙවන ක්‍රීඩාව යි. ගරාජ, කාර්මිකයන්, ඉංජිනේරුවන්, සැපයුම්කරුවන් වැනි දැවැන්ත පද්ධතියක් මේ තරග මත රඳා පවතිනවා. හැකි ඉහළම ප්‍රමිතීන් පවත්වා ගැනීම සහතික කරමින් මේ අවස්ථාව පවත්වන්න අපි සියලු දෙනා වෙහෙස මහන්සි වී වැඩ කළා. රියදුරන් මෙය අගය කරන බව අපි දන්නවා. කටුකුරුන්දේ දී ඔවුන්‍ගේ මනරම් දස්කම් දැකගන්න අපි උද්‍යෝගයෙන් බලා සිටිනවා.”

NIPPON PAINTS ප්‍රධාන සාමාන්‍ය අධිකාරී නිමන්ත අබේසිංහ මහතා පැවසුවේ: “NIPPON PANTS Katukurunda SPEED 2020 ධාවන තරගවල ප්‍රධාන අනුග්‍රාහකයා වීමට සහ එහි ඇරඹුම යළි දකින්නට ලැබීම ගැන අපි අතිශයින් සතුටු වෙනවා. ආර්ථික පසුබෑමකින් පසු මෝටර් රථ ක්‍රීඩාව නැවත ධාවන පථයට එනු දකින විට, ජනතා උද්‍යෝගයත් වර්ධනය වෙනවා. උසස් තීන්ත නිෂ්පාදනය කර අලෙවි කරන NIPPON PAINTS ආයතනයට, අපගේ පාරිභෝගිකයින්ට  විනෝදාස්වාදය සමඟ සුවිශේෂී අත්දැකීමක් සති අන්තයට ගෙන ඒමට හැකි වනු ඇතැයි විශ්වාස කරනවා.”

රට තුල පවතින ආර්ථික අවපාතය සමනය වීමත්  සමඟ මුළු 2023 වසර ම ක්‍රීඩාවන්ට නිවහල් වනු ඇතැයි SLAS සහ එහි සාමාජික සමාජ බලාපොරොත්තු වේ. මෝටර් රථ ක්‍රීඩා සඳහා නව සංවර්ධන කිහිපයක් සැලසුම් කර ඇති අතර, නුදුරු අනාගතයේ දී එම සැලසුම් නිවේදනය කිරීමට සංගමය අදාළ අමාත්‍යාංශ සමඟ සමීපව කටයුතු කරනු ඇත.

 සුදුසුකම් ලැබීමේ වටය දෙසැම්බර් 3 වැනි දිනට සැලසුම් කර ඇති අතර, තරගයේ සජීවී ආවරණය (PEO TV සහ මාධ්‍ය හවුල්කරු Motor Sport Network හි YouTube නාලිකාව හරහා) December 4 වැනි ඉරිදා දින පෙරවරු 8.30 ට ආරම්භ වේ. අශාන් සිල්වා, උෂාන් පෙරේරා සහ ඩැරින් වීරසිංහ වැනි දක්ෂ ධාවකයින් SL GT පන්තියෙන් ද SL H Honda පන්තියේ සුපුරුදු තරගකරුවන් වන ඉර්ෆාන් ෆාඩ්, ශකීර් වහාබ්, සහ ශෙහාර ද සිල්වා තරග වදිනු ‍ලැබේ.

අතිරේක අනුග්‍රාහකයන් අතර SLT MOBITEL, Exide,මාතර ෆ්‍රීලන්, DULUCK, PINK AUTO SHOP, WURTH, LOCKHEED By McLaren Lubricants සහ PRINTING PARTNERS RANPATH  මාධ්‍ය සහකරු ලෙස මෝටර් ස්පෝර්ට්ස් ජාලය, Recovery partners How to Drive, Digital Partner Tudo.LK, QR code partners GLENTECH එක්ව සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *