TikTok හි හාස්‍ය මවන දක්ෂතා රැසකින් හෙබි නීතිඥවරිය

TikTok ශ‍්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් අතර ජනප‍්‍රිය වී ඇත්තේ එය හාස්‍යයෙන් සහ
විනෝදාස්වාදයෙන් නොඅඩු රසවත් වේදිකාවක් නිසාය. TikTok පිළිබඳව දක්වන අදහස්
සොයාබැලීමට එය භාවිතා කරන්නන් බොහොමයක් අතරින් අද අප තෝරාගත්තේ
දක්ෂතා රැසකින් හෙබි චේතනා කැටගොඩ යි.
නීතීඥවරියක්, හඬකැවීම් ශිල්පිනියක් සහ ඩිජිටල් අන්තර්ගත නිර්මාණකාරිනියක වන
චේතනා TikTok ඔස්සේ හාස්‍යජනක වීඩියෝ, ගීත සහ තවත් බොහෝ රසවත් දේ බෙදාහදා
ගනී.
ඇගේ හාස්‍යය මතු කිරීමේ හැකියාව, කැපී පෙනෙන තොල් හැසිරවීමේ හැකියාව සහ
රංගන කුසලතා හේතුවෙන් මිලියන 8 කට වැඩි likes ප‍්‍රමාණයක් හිමි කරගෙන තිබේ.
එමෙන්ම චේතනා සතුව 411.2K ක් පමණ වූ ශක්තිමත් අනුගාමිකයින් (followers) පදනමක්
ඇත. ඇය විවිධ වෘත්තීන්වල නියැලූනද ගුණාත්මක නිර්මාණය කිරීමට ඇය දක්වන
උනන්දුව ඇගේ අන්තර්ගතය එතරම් ආකර්ෂණීය කරයි.
චේතනා කැටගොඩ කියන්නේ කවුද?
මට වයස අවු 30 යි. මම වෘත්තීමය වශයෙන් නීතිඥවරියක් වගේම හින්දි භාෂා
ගුරුවරයෙක්, ජ්‍යෙෂ්ඨ හඬකැවීම් සහ වෙළද දැන්වීම් හඬකැවීම් ශිල්පිනියක් ලෙසත්
කටයුතු කරනවා. මම TikTok” Youtube” Instagram” Facebook සහ Twitter යන වේදිකා
පහක ඩිජිටල් අන්තර්ගත නිර්මාණකාරිනියක ද වනවා. මම මේ සියලූම කටයුතු
දිනපතාම හසුරුවන බැවින් ඒ හැමදේම දැන් මගේ ජීවිතයේ කොටසක් වෙලා.
ඔබ TikTok සොයාගත්තේ කෙසේද සහ ඔබ එහි අන්තර්ගතයන් නිර්මාණය කිරීම
ආරම්භ කළේ කවදාද?
TikTok ගැන මම දැනගත්තේ 2016 දී. මගේ LLB උපාධිය හදාරන කාලයේ මෙම යෙදවුම
හැඳින්වූවේ Musical.ly කියලා. Dubsmash නමින් තවත් යෙදවුමක් ද තිබුණ නමුත්
සංගීතාත්මක බව සහ විනෝදජනක බව අනුව මම Musical.ly වෙත වැඩි කැමැත්තක්
දැක්වුවා. මම හඬකැවීමට බෙහෙවින්ම ප‍්‍රිය කරනවා. වසර 20ක් පුරාවට මම
හඬකැවීම් ක්ෂේත‍්‍රයේ නිරතව සිටිනවා. එබැවින් මීට අදාල වන අන්තර්ගතය නිර්මාණය
කිරීමට මම දැඩි කැමැත්තක් දක්වනවා.
මම හිතන්නේ මගේ වෘත්තීයමය සහ අධ්‍යාපනික වැඩ නිසා ඇතිවන ආතතියෙන් මිදීමට
TikTok මට හොද රුකුලක් වුණා.
ඔබ ඔබේ TikTok හි අන්තර්ගත නම් කරන්නේ කෙසේද?
එය ඉතා විවිධාකාර වන නමුත් බොහෝ දුරට හාස්‍ය හා ගායනය මූලික වෙනවා.
TikTok භාවිතා කරන කෙනෙකු ලෙස, ඔබ නැරඹීමට කැමති කුමන ආකාරයේ
අන්තර්ගතයන්ද?
ඕනෑම ආකාරයක දෙයක් සම්බන්ධයෙන් නිර්මාණාත්මකව දැකීමට මම සැමවිටම
කැමතියි. ඇදහිය නොහැකි ලෙස කාන්තාවක් බවට පරිවර්තනය වන Plastique Tiara නම්

අන්තර්ගත නිර්මාණකරුවකු සිටිනව. ඒ එකම පුද්ගලයාදැයි ඔබට හඳුනා ගැනීමට පවා
නොහැකියි.
මම කතා ඉදිරිපත් කරන, නැටුම් සහ ගායන වීඩියෝවලට කැමතියි. එය නිර්මාණශීලී
නම් මම එය රසවිඳිනවා.
ඔබ TikTok හි අනුගමනය කරන්නේ කාවද?
මම Quick Style කණ්ඩායම, Jason Derulo, Fash, Simpal Kharel, Lily Singh සහ ඇත්තෙන්ම
ජාත්‍යන්තරයට ගිය ශ‍්‍රී ලාංකේය TikTok කරන්නන් කිහිප දෙනාගෙන් කෙනෙක් වන
ගයාත‍්‍රි වැනි ජාත්‍යන්තර TikTok ගිණුම් රාශියක් අනුගමනය කරනවා. මීට අමතරව මම
DermDoctor, Pierson මෙන්ම Adam නම් විකට නළුවෙක් ද අනුගමනය කරනවා.

මම ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රිය TikTok චරිත වන ලෝචනා ජයකොඩි, හර්ෂනී යුධගනා, කවිඳු
මධුෂාන්, සාෂා කරුණාරත්න, කුමලින්ද, දෙනති පුස්සේගොඩ, Travel with Wife, Blok&Dino
සහ කාලි යන අය ද අනුගමනය කරනවා.
TikTok හි අන්තර්ගතය නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන ඕනෑම කෙනෙකුට ඔබ
දෙන උපදෙස් මොනවාද?
TikTok හි ඇති හොඳම දෙය නම් එය නිර්මාණශීලී පුද්ගලයින්ට අඛණ්ඩව ඉදිරියට යාමට
දිරිමත් කිරීමයි. කුමන අන්තර්ගතයක් සෑදිය යුතුද යන්න ඔබ තීරණය කරන අතර
ඔබට ඔබවම පටිගත කළ හැකියි. ඔබට ඕනෑම වේලාවක, ඕනෑම ස්ථානයක සිට
මෙය ආරම්භ කළ හැකිය. ඔබ කළ යුත්තේ ඔබ සැබවින්ම දක්ෂ වන්නේ කුමක් සඳහා
ද යන්න තීරණය කිරීමයි.
දක්ෂ පුද්ගලයින් TikTok පිළිබඳ ඇති බිය නිසා මෙය භාවිතා කරන්නේ නෑ. නමුත් එසේ
වෙන්න එපා! TikTok හි විවිධ ප‍්‍රජා මාර්ගෝපදේශ, filters සහ තවත් බොහෝ විකල්ප
තිබෙන නිසා එහිදී ඔබට ඔබේම TikTok ගිණුමේ පෙන්වන දේ පාලනය කළ හැකියි.
මම මෙම යෙදවුම හරහා පුද්ගලිකව බොහෝ දේ ලබාගෙන තියෙනවා. ඒ අතරින් මගේ
ජීවිතයට හොඳ මිතුරන් පිරිසක් සහ නිර්මාණශීලී ලෝකයක් වෙත පිවිසීමට අවස්ථාව
ලබා දීම ප‍්‍රධානයි. එබැවින් ඔබත් දැන්ම මෙම නිර්මාණශීලී වේදිකාවට පිවිස එම
රසවත් අත්දැකීම ලබාගනිමින් ඔබගේ හැකියාවන් තවත් ඔප්නංවා ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *