ආවේගශීලි දේශපාලන භික්ෂු හැසිරීම් මහානායක හිමිපාණන් වහන්සේලා තරයේ ප්‍රතික්ෂේප කරති.

මල්වතු අස්ගිරි උභය මහා විහාර පාර්ශ්වයන් හි ශ්‍රීමත් මහානායක හිමිපාණන් වහන්සේලා පිළිබඳව තැන්නේ ඥානානන්ද නම් භික්ෂුවක විසින් සිදු කරන ලද සාවද්‍ය පදනම් විරහිත ද්වේශසහගත පටු දේශපාලන අරමුණු පෙරදැරි කරගත් චෝදනා ප්‍රතිකේෂ්ප කරන බවත්, ආවේගශීලිව මහාමාර්ග අවහිර කරමින් ජන ජීවිතයට බාධා පමුණුවමින් පෞද්ගලික දේශපාලන මත පිහිටා කටයුතු කරන භික්ෂු භූමිකාවට නොගැළපෙන අවස්ථාවාදී ළාමක හැසිරීම් මහානායක හිමිපාණන් වහන්සේලා තරයේ ප්‍රතික්ෂේප කරන බව මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරි, සෝමාවතිය රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ සුමංගල නාහිමියෝ පවසති.

මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන් සහ මහා ලේඛකාධිකාරි පහමුණේ සුමංගල හිමියන් ඇතුළු කාරක සංඝ සභාව නියෝජනය කරන මහා සංඝරත්නය මල්වතු මහා විහාරයේදී පෙරේදා (24) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මාධ්‍ය වෙත ලිපියක් ඉදිරිපත් කල අතර එහි ඇති කරුණු පිළිබදව සවිස්තරාත්මක විග්‍රහයක් කළ සුමංගල නාහිමියෝ ඉහත සදහන් අදහස් ප්‍රකාශ කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *