22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

අලුත්කඩේ නඩු බඩු අතුරුදන් .

කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ තිබුණු නඩු දෙකකට අදාළ උණු කළ රන් කැබලි දෙකක් අතුරුදන්වීම සම්බන්ධයෙන් පරීක්ෂණ බාර ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයෙක් ඇතුළු පොලිස් කණ්ඩායමක් අධිකරණ පරිශ්‍රයට පැමිණ සිය මූලික විමර්ශන කටයුතු කරනු ලැබීය.

එහිදී මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ රෙජිස්ට්‍රාර් තිදෙනකු ඇතුළු කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකුගේම ප්‍රකාශ සටහන් කරගෙනද තිබේ.

අධිකරණ සංකීර්ණයේ ඇති ආරක්ෂක කැමරා පද්ධතියේ ක්‍රියාකාරීත්වය ගැනද මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානයට ලක්ව තිබේ. රන් භාණ්ඩ අතුරුදන් වී ඇත්තේ ආරක්ෂක කැමරාවලින් රිංගා බැවින් යැයි මූලික විමර්ශනවලින් පෙනී ගොස් ඇති බැවින් එසේ ආරක්ෂක කැමරා පද්ධතිය ගැන අවධානයක් යොමුව ඇත.

නඩු භාණ්ඩ ගබඩාගත කෙරෙන ක්‍රියාවලිය ගැන මෙන්ම එම නඩු භාණ්ඩ ගබඩාවෙන් පිටතට දීමේ ක්‍රියාවලිය ගැනද මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානයක් යොමු වී ඇති බව සඳහන්ය.

සැකයට ලක් වන පුද්ගලයන්ගේ ජංගම දුරකතන ජාල පරීක්ෂාවකට පවා මේ වන විට ලක්ව ඇති අතර, ඒ තුළින්ද බොහෝ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවනු ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාස කරයි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz