SLIM DIGIS 2.2 සම්මාන උළෙලේදී රන් සහ රිදී සම්මානවලින් පිදුම් ලබයි

ඩිජිටල් බැංකුකරණ සේවා පිළිබඳ සිය විශිෂ්ටත්වය නැවත වරක් සනාථ කරමින් ශ්‍රී
ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව
SLIM DIGIS 2.2 සම්මාන උළෙලේදී Best Search Engine Optimisation/Search Engine Marketing සඳහා
රන් සම්මානය සහ පළපුරුදු ඩිජිටල් අලෙවිකරණය සඳහා රිදී සම්මානය දිනා ගැනීමට
පසුගියදා සමත් විය.
ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මගින් පවත්වනු ලබන SLIM DIGIS සම්මාන
උළෙල මගින් ශ‍්‍රී ලංකාවේ වඩාත් නවෝත්පාදන බලපෑම්කාරී සහ හොඳම අලෙවිකරණ
ප‍්‍රයත්නයන් ඇගයීමට ලක් කරනු ලබයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් HNB අලෙවිකරණ ප‍්‍රධානී උපුල් අධිකාරී මහතා පැවසුවේ
‘‘තනි පුද්ගලයින් සහ ජාතියක් වශයෙන් පසුගිය වසර තුන තුළ අප සුවිශේෂී අභියෝග
රැසකට මුහුණ දුන්නා. මෙම වෙනස්කම් සමඟින් පාරිභෝගික හැසිරීම ද ඉතා වැඩියෙන්
වෙනස් වීමට පටන් ගත්තා. එනිසා ඩිජිටල් ක්ෂේත‍්‍රයේ මෙම විකාශනය නැවත ගණනය
කිරීමට, හැදෑරීමට සහ අවබෝධ කරගැනීමට අපට පියවරක් පසුපසට ගැනීමට සිදු
වුනාx පසුගිය වසර පුරා අපගේ උපායමාර්ගය වූයේ අපගේ වේදිකාවන් වෙත අවධානය
යොමු කර ඇති ගෙවීමකින් තොරව සෙවුම් ප‍්‍රතිඵලවල ප‍්‍රතිඵලයක් ලෙස වෙබ්
අඩවියට ඇතුළු වන අමුත්තන් (organic traffic) උපරිම ලෙස ප‍්‍රයෝජනයට ගැනීම සඳහා
නිවැරදි පණිවිඩ සමඟින් නිසි ස්ථානයේ සිටීම වූ අතර SLIM DIGIS 2.2 හිදී මෙම
ප‍්‍රයත්නයන් තුළ පිළිගැනීමට ලක් වීම ගැන අප ඉතා සතුටු වනවා.’’ යනුවෙනි.
බැංකුවේ ‘Maximising Organic Traffic’ ඩිජිටල් අලෙවිකරණ වැඩසටහන සඳහා හොඳම Best
SEO/SEM වැඩසටහනට හිමි රන් සම්මානය දිනා ගැනීමට HNB සමත් විය. මෙම කාණ්ඩය
යටතේ ඩිජිටල් අලෙවිකරණ සහ search engine optimisation යන අංග වලින් පරිපූර්ණ වූ
search campaigns සිදුකිරීමට ඇති හැකියාව මත HNB ඇගයීමට ලක් විය.
HNB හි SOLO ඩිජිටල් යෙදවුම සමඟින් SOLO Pola සහ සහ SOLO Podi Podi Business වැනි HNB
හි ඩිජිටල් නවෝත්පාදනයන් පිළිබඳව පාරිභෝගිකයින් දැනුවත් කිරීම සහ සම්බන්ධ කර
ගැනීම සඳහා වන අලෙවිකරණ වැඩසටහන් සඳහා එහි පළපුරුදු ඩිජිටල් අලෙවිකරණ
ප‍්‍රවේශය වෙනුවෙන් බැංකුවට රිදී සම්මානයක් ද හිමි විය.

HNB අලෙවිකරණ ප‍්‍රධානී උපුල් අධිකාරී මහතා (දකුණේ සිට පස්වැනියා) සමඟින්
ඩිජිටල් අලෙවිකරණ කණ්ඩායම සහ නියෝජිතායතනය වන (Group M) සම්මාන
උළෙලේදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *