වසර 16කට පසු මධ්‍යම පළාත් පාසල් වර්ණ ප්‍රදානෝත්සවය මධ්‍යම පළාත්

වසර 16කට පසු මධ්‍යම පළාත් පාසල් වර්ණ ප්‍රදානෝත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී

ඔබේත් මගෙත් පළමු කාර්‍යය රට වෙනුවෙන් කැපවීමයි. මධ්‍යම පළාත් අණ්ඩුකරවරයා කියයි.

මධ්‍යම පළාත් පාසල් වර්ණ ප්‍රදානෝත්සවය  මධ්‍යම ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ  මහතාගේ  ප්‍රධානත්වයෙන් මහනුවර, පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාර පරිශ්‍රයේදී  (11) පැවැත්විය. මෙහීදී පාසල් 101 ක විදුහල්පතිවරුන්, විදුහල්පතිවරියන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගුරු උපදේශක උපදේශිකාවන්, සම්පත් දායකයින් 1200 දෙනෙකු සදහා වර්ණ ප්‍රදානය කිරීම සිදු වු අතර, එය වසර 16කින් පසුව පැවති පළමු පාසල් ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවය විය.

මෙහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ,  
වසර 16කට පසුව විවිධ අභියෝග මධ්‍යයේ  සිදුකරනු ලැබූ මෙම වර්ණ ප්‍රදානෝත්සවය වෙනුවෙන් මැදිහත් වු සියලු දෙනාට සිය ස්තූතිය පළකරන බවත්, තමා ආණ්ඩුකාරවරයා වශයෙන් පත්වීමෙන් අනතුරුව  පළාතේ අධ්‍යාපනය මෙන්ම ක්‍රීඩාවද ඉහල මටටමකට ඔසවා තැබීමට හැකිවීම සම්බන්ධයෙන් සතුටට පත්වන බවත්, වසරක කාලයක් තුල මධ්‍යම පළාත ක්‍රීඩාවෙන්  දිවයිනේ ප්‍රමුඛස්ථානය දක්වා ඔසවා තැබීම සිය අපේක්ෂාව බවත් ය. එකී අරමුණු ජයගැනීම සදහා සංස්කෘතිය, සභ්‍යත්වය සදාචාරය රැකගැනීම අත්‍යවශ්‍ය බවත්, සියලු දෙනාගෙන් රට අවශ්‍යව ඇති  මොහොතේ රට වෙනුවෙන් කැපවීම තම ප්‍රථම කාර්ය කරගන්නා ලෙස තමා ඉල්ලා සිටින බවත් මෙහිදී  වැඩිදුරටත් අදහස් දක්වමින් එම මහතා සදහන් කර සිටියේය.

මෙහිදී පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂ  ජයවර්ධන මහත්මිය විසින් සිය පෞද්ගලික මුදලින් රුපියල්  ලක්ෂයක මුදලක් යොදවමින් පළාතේ පාසල් ක්‍රීඩාව සදහා වන අරමුදලක් ආරම්භ කිරීම ද විශේෂ සිද්ධියක් විය.

මෙම වැඩසටහන්  සදහා පළාත් ප්‍රධාන  පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක අමරසිරි පියදාස , කලාප අධ්‍යක්ෂක වරුන් විදුහල්පති වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *