දැඩි ආර්ථික අභියෝග ජයගනිමින් සොෆ්ට්ලොජික් ලයිෆ් 2022 මූල්‍ය වර්ෂයේ විශිෂ්ට කාර්ය සාධනයක් පෙන්නුම් කරයි

කලාපීය වැවිලි සමාගම්වලට (RPCs) අවශ්‍ය ඉන්ධන ප‍්‍රමාණය වෙන් කිරීමට රජය අපොහොසත් වීම, අඛණ්ඩව
විදුලිය විසන්ධි කිරීම් සහ දැනුම් දීමකින් තොරව ප‍්‍රතිපත්ති සම්පාදනය කිරීම ආදිය හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ
වැවිලි කර්මාන්තය සම්පූර්ණයෙන් නවතා දැමීමට සිදු වීමේ අවදානමක් උද්ගත වෙමින් පවතී. ඉන්ධන නොමැතිකම
හේතුවෙන් සියලූම දළු සහ රබර් කිරි ප‍්‍රවාහන කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර ජෙනරේටර්
යන්ත‍්‍ර අඛණ්ඩව ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රමාණවත් ඉන්ධන නොමැති වීම තවත් ගැටළුවකි.
ඒ අනුව ශ‍්‍රී ලංකාවේ අපනයන ආදායමට ඇමරිකානු ඩොලර් බිලියන 1.5කට වැඩි දායකත්වයක් සපයන ශ‍්‍රී
ලංකාවේ වැවිලි කර්මාන්තයට ප‍්‍රමුඛත්වය ලබා දීමට බලධාරීන් වහා පියවර ගන්නා ලෙස ලංකා වැවිලිකරුවන්ගේ
සංගමය (PA) ඉල්ලා සිටී.
මෙම බරපතල තත්ත්වය පිළිබඳව අදහස් දැක්වමින් ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක, ආචාර්ය
රොෂාන් රාජදුරෙයි මහතා අනතුරු ඇඟවූයේ RPC වලට සහ සමස්ත වැවිලි කර්මාන්තයේ අවශ්‍යතාවලට කිසිඳු
ප‍්‍රමුඛතාවයක් ලබා දීමට රජය අඛණ්ඩව අපොහොසත් වීම සහ කර්මාන්තය සඳහා හඳුන්වා දුන් විනාශකාරී
වැරදි ප‍්‍රතිපත්ති මාලාව හේතුවෙන් නිෂ්පාදනයට හා ප‍්‍රවාහනයට දැඩි බලපෑමක් ඇති වූ බවයි. එමෙන්ම 2022
ආරම්භයේ සිට තේ නිෂ්පාදන පිරිවැය 30%කින් පමණ සීඝ‍්‍රයෙන් ඉහළ ගිය බවද ඔහු පෙන්වා දුන්නේය.
‘‘මේ සඳහා ප‍්‍රායෝගික සහ අර්ථාන්විත විසඳුම් කඩිනමින් ලබා නොදුනහොත් RPC වලට තවදුරටත් සුපුරුදු පරිදි
මෙහෙයුම් කටයුතු කරගෙන යාමට නොහැකි වේවි,” ආචාර්ය රාජදුරෙයි මහතා අවධාරණය කළේය. ”කර්මාන්තයට
සහ මෙරට ආර්ථිකය සඳහා අප දැඩි දායකත්වයත් ලබා දෙමින් තිබියදීත්, අපගේ සැබෑ වටිනාකම තේරුම් ගැනීමට
බලධාරීන්ට තවමත් හැකි වී නෑ. ඒ වෙනුවට අනෙකුත් අපනයන කර්මාන්ත හා වැවිලි අංශයට සාපේක්ෂව ඔවුන්
අතීතයේ මෙන් RPCs පිළිබඳව කිසිඳු සැලකිල්ලක් දක්වා නෑ.
”කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය රසායනික පොහොර වැනි අත්‍යවශ්‍ය යෙදවුම් ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම
නවතා දැමීම වැනි අසාධාරණ තීරණ ඇතුළුව දැනුම් දීමකින් තොරව ප‍්‍රතිපත්තිමය තීරණ ගැනීම නිසා දැනට
උද්ගතව ඇති ආර්ථික අර්බුදයට පෙර සිටම අපගේ කර්මාන්තයට දැඩි ලෙස බලපෑම් එල්ල විය. ආර්ථිකය
සම්බන්ධයෙන් මේ වන විට අපට දක්නට ඇති ගැටළු සෘජුවම මෙම සැලසුම් රහිත, අසාධාරණ සහ අදුරදර්ශී
ප‍්‍රතිපත්ති සමඟ සම්බන්ධ වනවා.” යනුවෙන් රාජදුරෙයි මහතා වැඩිදුරටත් පැවසුවේය. ‘‘මෙම ප‍්‍රතිපත්තිවල
ඇති අසාර්ථකත්වය රජය විසින් ප‍්‍රසිද්ධියේ පිළිගෙන ඇති අතර අප විසින් ඒ පිළිබඳව නැවත නැවතත් සිදු කළ
අනතුරු ඇඟවීම් සහ උපදෙස් නොසලකා සිටිද්දී කර්මාන්තය අඛණ්ඩවම ප‍්‍රති විපාක අත්විඳීමට සිදුව තිබෙනවා.’’
පොහොර, නිර්දේශිත වල්නාශක, දිලීර නාශක සහ පළිබෝධනාශක වැනි කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය
තහනම් කිරීමේ තීරණය රජය ඉල්ලා අස්කර ගත් නමුත් ඒවා 2021 අපේ‍්‍රල් මාසයේ සිට වෙළෙඳපොලේ දක්නට
නැත. ආණ්ඩුව විසින් පැනවූ මෙම තහනම ඉවත් කිරීම සඳහා දිගු කාලයක් ගත වෙයි. මේ හේතුවෙන් ආනයනවලට
බාධාවන් එල්ල වී තිබීම නිසා වෙළෙඳපොලේ මෙම කෘෂි රසායනික ද්‍රව්‍යවල දැඩි හිඟයක් පවතී. මෙම අභියෝග
තවත් තීව‍්‍ර කරමින් රුපියල අවප‍්‍රමාණය වීම සහ ගෝලීය වශයෙන් භාණ්ඩ මිල ඉහළ යාම හේතුවෙන් මෙම
අත්‍යවශ්‍ය කෘෂි රසායනික ද්‍රව්‍යවල මිල ඉතා ඉහළ ගොස් ඇත. උදාහරණයක් ලෙස තහනමට පෙර තේ සඳහා
භාවිත කළ පොහොරවල මිල 25 ගුණයකින් වැඩි වී තිබේ. ඒ අනුව යූරියා මෙටි‍්‍රක් ටොන් එකක ආසන්න මිල රුපියල්
30,000 සිට රුපියල් 750,000ක් දක්වා වැඩි වී තිබෙන අතර තවමත් මිල ඉහළ යමින් පවතී.
මේ හේතුවෙන් තේ 1kg ක නිෂ්පාදන පිරිවැය මේ වනවිට රුපියල් 800කට ආසන්න අගයක් දක්වා ඉහළ ගොස් තිබේ.
කෙසේවෙතත් කොළඹ තේ වෙන්දේසියේදී 2022 මාර්තු අවසන් වන තෙක් උඩරට තේවල ශුද්ධ විකුණුම් සාමාන්‍යය
(NSA) රුපියල් 717ක් පමණ විය.
මීට අමතරව කෘෂි රසායනික ද්‍රව්‍ය නොමැතිකම දිගුකාලීනව අස්වැන්න සහ ගුණාත්මකභාවය අඩු වීමට හේතු
වෙයි. පසුගිය වසරට සාපේක්ෂව යහපත් කාලගුණික තත්ත්වයක් පැවතියද පොහොර, වල්නාශක සහ දිලීර

නාශක වැනි කෘෂි රසායනික ද්‍රව්‍ය හිඟ වීම නිසා මෙම වසරේ තේ සහ රබර් වගාවේ පසුගිය වසරට සපේක්ෂව
අඩු වීමක් දක්නට ලැබේ. තේ සහ රබර් ස්ථිර/දිගුකාලීන බෝග වීම නිසා එයට ප‍්‍රමාණවත් පෝෂණයක්
නොලැබීමෙන් තේ පැළයකට එහි ජීවිත කාලය පුරාවටම අහිතකර බලපෑම් ඇති විය හැකිය. රබර් වගාවන්ට
‘Pestalotiopsis’ නම් වේගයෙන් පැතිරෙන දිලීර රෝගයෙන් බලපෑම් එල්ල වී ඇත. මේවා පැතිරීම වැළැක්වීමට
අවශ්‍ය කෘෂි රසායනික ද්‍රව්‍ය නොමැති වීම හේතුවෙන් දැනටමත් සියයට 30% – 40%ත් අතර අස්වැන්නක් අහිමි
වී තිබේ.
තේ වැවිලි සමාගම් දවසේ පැය 24 පුරාම ක‍්‍රියාත්මක වන අතර ඒ සඳහා අඛණ්ඩ විදුලි සැපයීමක් අවශ්‍ය වේ.
නිදසුනක් ලෙස නැවුම් තේ දළු වේලීමේ ක‍්‍රියාවලියට පැය කිහිපයක් බාධා ඇති වුවහොත් බැක්ටීරියා ආසාදනය වීම
සිදු වන අතර ඒ හේතුවෙන් නිපදවනු ලබන තේවල ගුණාත්මකභාවය විශාල ලෙස අඩු වේ. මෙය පිළිගනිමින්,
බලධාරීහු විදුලිය විසන්ධි වන විට තම ජෙනරේටර් යන්ත‍්‍ර ක‍්‍රියාත්මක කරමින් මෙහෙයුම් කටයුතු කරගෙන
යාමට අනෙකුත් ක්ෂේත‍්‍රවලට ඉන්ධන කෝටා වෙන් කර ඇතත් එහිදී RPCs නොසලකා හැර ඇත.
ඉන්ධන හිඟය හේතුවෙන් වාණිජ වතු සමාගම්වලට හා විශාල භූමි ප‍්‍රදේශවලට නැවුම් තේ දළු හා රබර් කිරි වැනි
අමු ද්‍රව්‍ය ප‍්‍රවාහනය සහ නිෂ්පාදන කොළඹට ප‍්‍රවාහනය කිරීම ද අතිශය දුෂ්කර වී ඇත. මෙය වතු සමාගම්
මෙහෙයුම් සම්පූර්ණයෙන් බිඳවැටීමට හේතු විය හැකිය. එනිසා රටේ දැනට පවතින මෙම අස්ථාවර තත්වයන්
යටතේ වතුවල මෙහෙයුම් කටයුතු සිදු කරගෙන යාමට RPC වලට නොහැකි වනු ඇත. රටේ වතු සමාගම් තුළ
මිලියනයකට අධික ජනතාවක් වාසය කරන අතර ඔවුන්ගේ ජීවනෝපාය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ වැවිලි
ආර්ථිකය මතය.
වැවිලි අංශයේ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට නම් අභ්‍යන්තර ප‍්‍රවාහන කටයුතු ඇතුළුව
අඛණ්ඩව විදුලිය සැපයීම සහ ඉන්ධන ලබා දීම සඳහා ප‍්‍රමුඛත්වය ලබා දිය යුතුය. මේ වන විට සැපයුම්කරුවන් ද
විදේශ මුදල්වලින් ඔවුන්ට ගෙවීම් සිදු කරන ලෙස ඉල්ලා සිටී. මේ නිසා කොළඹ තේ වෙන්දේසියට සහභාගී වන තේ
නිෂ්පාදකයින්ට ඔවුන්ගේ ගෙවීම් විදේශ මුදල්වලින් තේ අපනයනකරුවන්ගෙන් ලබා ගැනීමට අවසර ලබා දෙන ලෙස
අදාල බලධාරීන්ගෙන් RPCs ඉතා ඕනෑකමින් ඉල්ලා සිටී.
අනෙකුත් අපනයන සමාගම් විදේශ මුදල්වලින් ඔවුන්ගේ ගෙවීම් ලබා ගන්නා ආකාරය සලකා බැලීමේදී
අපනයනකරුවන් විදේශ මුදල්වලින් තේ නිෂ්පාදකයින්ට ගෙවීමත් දේශීය තේ ගැනුම්කරුවන්ට රුපියල්වලින් ගෙවීම්
කිිරීමටත් හැකි වන ආකාරයේ හයිබි‍්‍රඞ් ක‍්‍රමවේදයක් ප‍්‍රායෝගික සහ සාධාරණ වේ. සිලෝන් ටී වලින් 95%ක්
අපනයනය කෙරෙන අතර එම කර්මාන්තය ශ්‍රී ලංකාවට වටිනා විදේශ විනිමය උත්පාදනය කරනු ලබන ප‍්‍රධාන
අංශයකි.
අත්‍යවශ්‍ය කෘෂි රසායන ද්‍රව්‍යවල මිල ඉතා අධික ලෙස ඉහළ යාමත් සමඟ ජාත්‍යන්තර ආයතනවල අරමුදල්
භාවිතා කරමින් තේ නිෂ්පාදකයින්ට සහනදායී මිලට එම ද්‍රව්‍ය ලබා ගත හැකි ඕනෑම ඵලදායී ක‍්‍රමවේදයකට
වාණිජ වැවිලි අංශය ඇතුළත් කරන ලෙස ද RPCs රජයෙන් ඉල්ලා සිටී. RPCs වතුකරයේ වෙසෙන මිලියනයකට අධික
ජනතාවකට විවිධ සේවා සහ රැකවරණය සපයනු ලබන අතර කර්මාන්තයේ සැපයුම් දාමයේ වැදගත් අංශයක්
ලෙස කුඩා තේ වතු හිමියන්ට ද අවශ්‍ය සහයෝගය ලබා දෙයි.
මධ්‍ය කාලීනව සිට දිගු කාලීන වශයෙන් වැවිලි කර්මාන්තයේ වර්ධනයට සහ ආර්ථික තිරසාරභාවය සඳහා
ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයන් සමඟ සාකච්ඡා කර ස්ථාවර ප‍්‍රතිපත්ති සම්පාදනය කිරීම අත්‍යාවශ්‍ය බව RPCs
විශ්වාස කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *