AkzoNobel වෙතින් Dulux පින්තාරු ශිල්පීන් වෙනුවෙන්
‘Mind, Heart and Pocket’ තේමාව යටතේ විශේෂ වැඩසටහන් පෙළක්

ලොව විශාලතම තීන්ත හා ආලේපන සමාගමක් වන AkzoNobel Paints Lanka, ශ්‍රී
ලංකාවේ Dulux පින්තාරු ශිල්පීන් දිරිගැන්වීම සහ ඔවුන්ට අත්වැලක් වීම
ඉලක්ක කරගෙන විශේෂ වැඩසටහන් පෙළක් ක්‍රියාවට නංවා තිබේ. මීට
සමගාමීව එම සමාගම විසින් නවතම ඩිජිටල් සේවාවන් පෙළක්ද හඳුන්වා දී
ඇත.
Mind, Heart and Pocket යන සුවිශේෂී ප්‍රවේශය යටතේ පින්තාරු ශිල්පීන්ගේ
මානසික, සමාජයීය හා ආර්ථික යහපැවැත්ම ඉලක්ක කරගෙන පවත්වනු ලබන
මෙම වැඩසටහන් මගින් මෙරට 5,000 කට අධික පින්තාරු ශිල්පීන් පිරිසකට
යහපත සැලසේ. මේ යටතේ පින්තාරු ශිල්පීන් වෙනුවෙන් පුහුණු හා
සහතිකකරණ වැඩසටහන් පැවැත්වීම සහ පැමිණිලි කළමනාකරණය පිළිබඳව
ඔවුන් දැනුවත් කිරීම යනාදියට අමතරව ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්
වෙනුවෙන් ප්‍රිය සම්භාෂණ පැවැත්වීම සහ ඔවුන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීම
වැනි කටයුතුද සැලසුම් කර ඇත.
“මේ ඔස්සේ අපගේ සමාගම සහ පින්තාරු ශිල්පීන් අතර සම්බන්ධතාව
වැඩිදියුණු කරගැනීමටත්, තම හැකියාවන් වර්ධනය කරගැනීමට ඔවුන්
දිරිගැන්වීමටත්, ඔවුන්ගේ ප්‍රතිචාර අනුව අපගේ සේවාවන් තවදුරටත් උසස්
කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා. මෙමගින් එම ශිල්පීන්ට තම වෘත්තියෙහි
වටිනාකම පිළිබඳ පැහැදිලි අවබෝධයකින් යුතුව, වඩාත් ගෞරවාන්විත ලෙස
එම කටයුතු වල නිරත විය හැකි පරිසරයක් සකස් කිරීමට අපට හැකි වේවි.”
AkzoNobel Sri Lanka ප්‍රධාන අලෙවි නිලධාරී උපේන්ද්‍ර ගුණවර්ධන මහතා පැවසී
ය.
වෘත්තීය පින්තාරු ශිල්පීන්ගේ පහසුව වෙනුවෙන් තම ඩිජිටල් සේවාවන්
තවදුරටත් වැඩිදියුණු කිරීමටද AkzoNobel Sri Lanka පියවර ගෙන තිබේ. මේ
යටතේ පින්තාරු ශිල්පීන් ලියාපදිංචි කිරීම, ගෙවීම් සිදුකිරීම සහ වියදම්වල
තොරතුරු සහ විනිවිදභාවය පවත්වාගැනීම සම්බන්ධ ක්‍රමවේදයන් වැඩිදියුණු කර
ඇත.
මෙම වැඩසටහන් වලට සහභාගී වීම වඩාත් පහසු කිරීම සඳහා පින්තාරු
ශිල්පීන් වෙනුවෙන් විශේෂ QR කේත ක්‍රමයක් හඳුන්වා දී තිබේ. මෙමගින් Dulux

160/1 Polhengoda Road, Colombo 5 | +94 773 082 888 | nadiyah@limelight.lk
Connect හරහා පින්තාරු ශිල්පීන් සම්බන්ධ තොරතුරු ලබාගනිමින්, එම
තොරතුරු ඔවුන්ගේ යහපත උදෙසා ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් වෙනුවෙන්
භාවිතා කරනු ලබයි. Dulux Connect app එක හරහා පින්තාරු ශිල්පීන්ට තමන්
කැමති තීන්ත අලෙවිසැල් තෝරාගත හැකි අතර, එම අලෙවිසැල් වලටද තමන්
වෙතින් තීන්ත මිලදී ගැනීම සඳහා පින්තාරු ශිල්පීන් දිරිමත් කිරීමට අවස්ථාව
හිමි වේ.
මීට අමතරව මෙම ඩිජිටල්කරණ වැඩසටහනේ තවත් පියවරක් වශයෙන් “Painter
Market Place” app එක පෙබරවාරි මාසයේදී හඳුන්වා දෙන ලදි. මෙය රට පුරා
Dulux පාරිභෝගිකයන් සහ ඔවුන් පදිංචි ප්‍රදේශ වල වෘත්තීය පින්තාරු ශිල්පීන්
එකිනෙකා සම්බන්ධ කරන වැඩසටහනකි.
පාරිභෝගිකයන්ට Dulux නිෂ්පාදන මිලදී ගැනීම තවදුරටත් පහසු කිරීම සඳහා
‘Dulux Preview’ සේවාව (www.duluxpreviewservice.com/sl) හඳුන්වා දී ඇති අතර,
මෙමගින් පාරිභෝගිකයන්ට Augmented Reality තාක්ෂණය ඔස්සේ, තමන් මිලදී
ගැනීමට බලාපොරොත්තු වන වර්ණ ආලේප කළ විට දිස්වන ආකාරය
සම්බන්ධයෙන් ඉතා පැහැදිලි අදහසක් ලබාගත හැකි වේ. මෙහිදී
පාරිභෝගිකයන්ට වඩාත් ගැළපෙන තීන්ත වර්ග පිළිබඳ යෝජනාද ඉදිරිපත් කරනු
ලබන අතර, ස්මාර්ට් දුරකථනයක් ඇති ඕනෑම කෙනෙකුට ‘Dulux Preview’ සේවාව
ඉතාමත් පහසුවෙන් භාවිතා කළ හැක.

AkzoNobel Paints පිළිබඳව
1964 වර්ෂයේදී ආරම්භ වූ AkzoNobel Paints Lanka සමාගම මෙරට ප්‍රධානතම තීන්ත
නිෂ්පාදන සමාගම් අතරින් එකකි. එමෙන්ම එය Dulux, SuperKote, AquaTech සහ
Woodguard වැනි ලොව ප්‍රමුඛතම තීන්ත සන්නාමයන් සහ ජාත්‍යන්තර මෝටර් රථ
තීන්ත සන්නාමයක් වන Sikkens යටතේ එන නිෂ්පාදන මෙරටට හඳුන්වා දී තිබේ.
නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නගරය පදනම් කරගත් AkzoNobel ලොව විශාලතම
තීන්ත හා ආලේපන සමාගම් වලින් එකකි. එමෙන්ම ලොව විශාලතම කාර්මික
සමාගම් අතරින් එකක් ද වන එය, තීන්ත, ආලේපන සහ රසායනික ද්‍රව්‍ය
රාශියක් නිෂ්පාදනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *