22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

රෙජී රණතුංග මහතාගේ 15 වන ගුණ සැමරුම වෙනුවෙන් මීරිගම “සෙත් සෙවණ” රජයේ වැඩිහිටි නිවාසයේ පැවති දානමය පිංකම

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු සහ හිටපු කැබිනට් අමාත්‍යවරයකු වූ දිවංගත රෙජී රණතුංග මහතාගේ 15 වන ගුණ සැමරුමට සමගාමීව සංවිධානය කළ දානමය පිංකමක් මීරිගම “සෙත් සෙවණ” රජයේ වැඩිහිටි නිවාසයේදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) දින පැවැත්විණි.

උඩුගම්පල, විගොඩ ධම්මයුක්තිකාරාම විහාරාධිකාරි පූජ්‍ය මොරගහපල්ලමේ ශාන්ත හිමියන්ගේ සහභාගිත්වයෙන් ධර්ම දේශනයක් ද මෙහිදී පැවැත්විණ.

මීරිගම “සෙත් සෙවණ” වැඩිහිටි නිවාසය බස්නාහිර පළාත් සමාජසේවා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වේ. වර්තමානයේ මෙහි වැඩිහිටියන් 157 දෙනෙකු නේවාසිකව සිටියි. මෙහි සේවක මණ්ඩලය 52 කි. මෙය බස්නාහිර පළාත තුළ පිහිටි රජයට අයත් එකම වැඩිහිටි නිවාසයයි. 

දිවංගත රෙජී රණතුංග මහතාගේ සොහොයුරු ඩැනී රණතුංග මහතා සහ පවුලේ හිත මිතුරන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz