22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජවය දෙන ‘ජවයට සවිය’ ශිෂ්‍යත්ව වැඩසටහනේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා කියයි.

සැබෑ පරාජය වන්නේ, පරාජයෙන් නැවත නොනැගිටිමයි
ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජවය දෙන  ‘ජවයට සවිය’ ශිෂ්‍යත්ව වැඩසටහනේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා කියයි.

අඩු ආදායම්ලාභී පවුල්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය ක්‍රීඩා කටයුතු සදහා ශක්තියක් ලබාදෙමින් පිරිනමනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන මෙවරත් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී (8) පැවැත්විය.

 එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 24 දෙනෙකු සදහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සිදු වු අතර, එහිදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාවරයා සදහන් කර සිටියේ, ක්‍රීඩාවට දක්ෂතා ඇති දරු දැරියන් ආර්ථික අපහසුතා හේතුවෙන් ඉදිරියට නොපැමිණිම වළක්වාලීමේ අරමුණින් යුතුව මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාවට නංවනු ලබන බවය. සැබෑ පරාජය වනුයේ පරාජය හමුවේ නොනැගීම බවත්, දරුවන් සදහා අවවාද දී ඔවුන්ගේ දිවිය යහපත් කිරීමට කටයුතු කරන්නේ යහපතක් සිදුකිරීමට මිස තරහකින් නොවන බවත්, ක්‍රීඩාවෙන් සේම කුමන ක්ෂේත්‍රයෙන් හෝ ඉදිරියට ගමන් කළ පසු අතීතය අමතක නොකරන ලෙසත්  වැඩිදුරටත් අදහස් දක්වමින් එම මහතා සදහන් කර සිටියේය.

මෙම වැඩසටහන සදහා පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්  මේනක හේරත්, පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ‍ද මෙම අවස්ථාවට එක් විය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz