- මෙරට මුහුදු තීරය වටා පිහිටි ආකර්ෂණීය ස්ථාන හඳුනාගෙන ඒ සඳහා දෙස් විදෙස් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ඇමති ප්‍රසන්නගෙන් වෙරළ සංරක්ෂණ හා වෙරළ සංරක්ෂණ හා කළමනාකරණ දෙපාර්තමේන්තුවට උපදෙස්..
- එම ස්ථාන සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතන මෙන්ම පුද්ගලික අංශයද සම්බන්ධ කරගනිමින් සුදුසු ආයෝජකයන් සොයාගන්න…
- වෙරළ පරිසරය ආරක්ෂා කර ගනිමින් රට වටා පිහිටි වෙරළ තීරය විධිමත්ව සංවර්ධන කිරීමෙන් අප රට මුහුණදී සිටින ආර්ථික අර්බුද වලට විසඳුම් සොයාගත හැකියි…
- මට වාර්තා අනවශ්‍යයි, වැඩ අවශ්‍යයි …
– ඇමති ප්‍රසන්න රණතුංග
මෙරට මුහුදු තීරය වටා පිහිටි ආකර්ෂණීය ස්ථාන හඳුනාගෙන ඒ සඳහා දෙස් විදෙස් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
එවැනි ස්ථාන දියුණු කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතන මෙන්ම පුද්ගලික අංශයද සම්බන්ධ කරගනිමින් සුදුසු ආයෝජකයන් සොයාගන්නා ලෙසද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද (10) පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කීවේය.
වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයකි. එම ආයතනය විසින් දැනටමත් මෙරට වෙරළ තීරය ආශ්‍රිතව නව සංචාරක ස්ථාන 24 ක් හඳුනා ගෙන තිබේ.
ගඟේ වාඩිය, පුත්තලම කලපුව දූපත්, කුඩව, වයික්කාල, මීගමුව කලපුව, කපුන්ගොඩ, ප්‍රීතිපුර, කොක්ගල කලපුව, සීතගල්ල, රැකව කලපුව, ලුනම කලපුව, මලාල ලේවාය, කිරින්ද, කුනුකලේ බීච්, එලිෆන්ට් රොක්, සලතිව් දූපත, තඹලගමුව බේ, ගවනර් ඔෆිස්, උප්පුවේලි, සම්පල්තිව් බීච්, අර්යමල්ල බීච්, නයාරු බීච්, නන්දිකඩාල් බීච්, සන්තකුලම් බීච් මෙලෙස අලුන් හඳුනාගෙන ඇති සංචාරක ස්ථානයන් වේ.
අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේ මෙරට වෙරළ තීරය ආශ්‍රයෙන් තවත් එවැනි ස්ථාන හඳුනාගැනීමට කටයුතු කරන ලෙසයි.
මෙරට වෙරළ පරිසරය ආරක්ෂා කර ගනිමින් රට වටා පිහිටි වෙරළ තීරය විධිමත්ව සංවර්ධන කිරීමෙන් අප රට මුහුණදී සිටින ආර්ථික අර්බුද වලට විසඳුම් සොයාගත හැකි බවද එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
එබැවින් මෙරට මුහුදු වෙරළ ආශ්‍රිතව සංචාරක කර්මාන්තය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට මෙන්ම වෙරළ ආශ්‍රිතව වෙනත් සංවර්ධන ව්‍යාපෘති සිදුකිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලන ලෙසද අමාත්‍යවරයා එහිදී නිලධාරින්ට උපදෙස් දුන්නේය.
ආර්ථික සම්පත් බහුල මෙරට වෙරළ තීරය කිලෝමීටර 1620ක් දිගකින් යුතුවේ. එබැවින් මෙරට වෙරළ තීරය සංරක්ෂණය කරමින් වෙරළබඩ සම්පත් මත පදනම් වූ ආරක්ෂිත හා තිරසාර සංවර්ධනයක් කෙරෙහි කඩිනමින් අවධානය යොමුකළ යුතු බවද හෙතෙම පැවසීය.
මේ සම්බන්ධයෙන් තමන්ට වාර්තා අනවශ්‍ය බවත් තමන්ට අවශ්‍ය වැඩ පමණක් බවත් අවධාරණය කළ අමාත්‍යවරයා හැමදාම සාකච්ඡා පවත්වමින් වාර්තා ඉදිරිපත් කරනවා වෙනුවට එක වැඩක් හෝ කර පෙන්විය යුතුයැයිද අවධාරණය කළේය.