22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කොළඹ විවෘත දුනු විදීමේ ජාත්‍යන්තර තරඟාවලිය ඇරඹෙයි

දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී පැවති කොළඹ විවෘත දුනු විදීමේ ජාත්‍යන්තර තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පසුගියදා සහභාගී විය.

දියගම ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරඟාවලියට තරගකරුවන් විශාල පිරිසක් සහභාගී වු අතර, එහිදී ක්‍රීඩකයින් අතර තියුණු තරඟයක් ද දැක ගත හැකිවිය .

ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ජෙනරල් ගුණරත්න සිය දේශනය අතරතුරදී ක්‍රීඩාංගණයේ පිරී සිටි ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් අමතමින් ජ්‍යත්‍යන්තරය තුල අපගේ ජාතිය ඔසවා තැබු අභිමානවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන සඳහන් කරමින් “අපි සැමවිටම ක්‍රීඩාව එක්සත්භාවයේ හා එකමුතුකමේ බලවේගයක් ලෙස වැදගත්කම හඳුනාගත හැකි බව පැවැසීය.

ක්‍රිඩාව අපගේ පෞරුෂය වර්ධනය කරගැනීමටත්, ජීවිතයේ වටිනා පාඩම් ඉගෙන ගැනීමටත්, ජාතික අභිමානය පෝෂණය කිරීමත් සිදුකරන බව ඔහුගේ අදහස විය.

ආරක්‍ෂක ලේකම්වරයා සහභාගී වූ සියලුම දෙනාගේ කැපවීම, දක්ෂතාවය සහ ක්‍රීඩාශීලිත්වය වෙනුවෙන් සිය සුභ පැතුම් පිරිනැමූ අතර, ලෝක වාර්තා අතරට යාමට උත්සාහ කරන දුනුවායන් ඇතුළු සියලුම ජයග්‍රාහකයින්ට ප්‍රශංසා එක්කළේය.

ශ්‍රී ලංකාවේ දුනු ශිල්පය ක්‍රීඩාවක් ලෙස වැඩිදියුණු කිරීමට මූලිකව ක්‍රියාකල කපිතාන් ඉන්ද්‍රනාත් පෙරේරාගේ අතිමහත් දායකත්වය ද ඔහු මෙහිදි සිහිපත් කළේය.

දියගම ක්‍රීඩාංගණයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි, කපිතාන් (විශ්‍රාමික)ඉන්ද්‍රනාත් පෙරේරා, දුනු විදීමේ සංවිධායක කමිටුව සහ ක්‍රීඩකයින් මෙම උත්සවයට සහභාගි වූහ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz