දැනුමින් දිනවමු දරුවන් වැඩසටහනේ තවත් අදියරක් මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේදී මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් .

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ සංකල්පයක් අනුව පළාතේ දරුවන් යහපත් පුරවැසියෙකු ලෙස බිහි කිරීමේ අරමුණෙන් යුක්තව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවීණ මාධ්‍යවේදී නීතිඥ ගාමිණී විජේවර්ධන මහතා ගේ සම්පත් දායකත්වයෙන් පළාත පුරා සිදුකරගෙන යන දැනුමින් දිනවමු දරුවන් වැඩසටහනේ තවත් අදියරක් අද (19) මහනුවර මහමායා බාලිකා විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විය.

එහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, දරුවන් පරිසරය හා බද්ධ කිරීම තුළ ප්‍රාථමික විෂය නිර්දේශයේ විශාල කොටසක් අවරණය වන අතරම දරුවන් පිරිපුන්  පුද්ගලයෙකු වශයෙන් සමාජගත වීමේ අවස්ථාව උදා වන බව ය. අධ්‍යාපනය යන ප්‍රමුඛ සාධකය පදනම් කරගෙන රටක දියුණුව , සංවර්ධනය තීරණය වන බවත් , අනෙක් අතට යහපත් අධ්‍යාපන නොමැතිනම්, සාරධර්ම වලින් පෝෂණය නොවු පුද්ගලයන් රටකට ඉතාමත් අයහපත් අයුරින් බලපානු ලබන බවත් එම මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

මෙම අවස්ථාව සදහා පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත්, මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සී.අයි අන්දරගේ යන මහත්ම මහත්මීන් ද  මහමායා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුලු ගුරුමණ්ඩලය ද සිසු දැරියන් පිරිසක්ද එක් ව සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *