22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

නයිජර් පාලනය හමුදාව භාරයට

හමුදා කුමන්ත්‍රණයක් හරහා නයිජර් ජනාධිපති මොහොමඩ් බාසූම් බලයෙන් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට ජාතික රූපවාහිනිය හරහා ප්‍රකාශයක් සිදු කරමින් හමුදාව ප්‍රකාශ කර ඇත්තේ  නයිජර් රාජ්‍යයේ පාලනය තම භාරයට ගත් බවත්, ව්‍යවස්ථාව විසුරුවා හැර, සියලු ආයතන අත්හිටුවා බටහිර අප්‍රිකානු රටේ දේශසීමා වසා දැමූ බවයි.

මොහොමඩ් බාසූම් බටහිර අප්‍රිකාවේ ඉස්ලාමීය සටන්කාමීත්වයට එරෙහි සටනේ ප්‍රධාන බටහිර සගයෙක් ලෙස කටයුතු කර තිබෙයි.

මේ අතර එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් ද කියා සිටියේ තමන් ජනාධිපතිවරයා සමඟ කතා කළ බවත් ඔහුට එක්සත් ජාතීන්ගේ පූර්ණ සහයෝගය ලබා දෙන බවයි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz