22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

නිරුවත් කාන්තා මළ සිරුරක් කළුතර වෙරළට ගොඩගසයි

කාන්තාවකගේ නිරුවත් මළසිරුරක් අද (28) කළුතර උතුර වෙරලේ පාවෙමින් තිබියදී ප්‍රදේශවාසින් විසින් ගොඩගෙන තිබෙයි.

අදාල කාන්තාවගේ අනන්‍යතාවය හදුනාගැනීමට කටයුතු කරමින් සිටින බව කළුතර උතුර  පොලිසිය පවසයි .

ඊයේ රාත්‍රි කළුතර උතුර නාගස්හන්දිය ගල්වැටිය අසලට වයස අවුරුදු තුනක පමණ බිළිදියකගේ මළසිරුරක් ගොඩගසා තිබූණි.

හල්කඳවිල ප්‍රදේශයේ මවක සහ දියණියක අතුරුදන්ව ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය පවසයි .

ලැබී ඇති තොරතුරු අනුව, ඊයේ රාත්‍රි ගොඩගැසූ බිළිදියගේ සහ අද උදැසන ගොඩගැසූ කාන්තාවගේ මළසිරුරු හල්කඳවිල ප්‍රදේශයේ අතුරුදන් මව සහ බිළිදියගේ ද යන්න සම්බන්දයෙන් සහ විමර්ශන සිදුකරන බවද වාර්තා වෙයි.

කළුතර උතුර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර්. ඉන්ද්‍රජිත් මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වයි .

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz