නවලෝක රෝහල් සමූහය පවුලේ සුව සේවා කටයුතු සහතිකකිරීම වෙනුවෙන් Family Care මධ්‍යස්ථානය විවෘත කරයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික සෞඛ්‍ය සේවා සපයන්නා වන
නවලෝක රෝහල් සමූහය, ශ්‍රී ලාංකීය පවුල් සංස්ථාව තව තවත්
සවිබලගැන්වීම උදෙසා මුළු පවුලටම සරිලන පරිදි සෞඛ්‍ය සේවා
පැකේජ ලබා දීම වෙනුවෙන් කැපවෙයි.
දිවයිනේ අනෙකුත් රෝහල්වලින් වෙන්ව, නවලෝක රෝහල් සෑම
පවුලකටම එක් පරිපූර්ණ සැලැස්මක් යටතේ ඒ ඒ පුද්ගලයාට
ගැලපෙන පරිදි සත්කාර ලබා දෙන බව සහතික කරයි. එහිදී රෝග
නිවාරණ, රෝග විනිශ්චය, විශේෂිත ප‍්‍රතිකාර සහ සුවතා
වැඩසටහන් ඇතුළු පුළුල් පරාසයක සේවාවන් ඇතුළත්
පුද්ගලාරෝපිත සෞඛ්‍ය සේවා පැකේජ රැසක් පිරිනමයි.
”ඔබගේ පවුලේ වෛද්‍යවරයා මෙන් ඔබ අසලම රැදෙමින් ඔබට අවශ්‍ය
සෞඛ්‍ය උපදෙස් සහ ප‍්‍රතිකාර ලබාදීමට හැකිවීම පිළිබඳව අපි
ආඩම්බර වෙනවා. රෝගය වැළැක්වීම, ප‍්‍රතිකාර කිරීම, පසු විපරම්
කිරීම සහ පුනරුත්ථාපනය කිරීමේ සිට මානසික සෞඛ්‍යය සහ
නිදන්ගත රෝග ඇති රෝගීන් රැකබලා ගැනීම දක්වා අපි ඔබ
වෙනුවෙන්ම කැපවෙනවා. මෙමගින් රෝගියාට අවශ්‍ය සියලූම සෞඛ්‍ය
පහසුකම් සහ ඔවුන්ට අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවාව
ඕනෑම වේලාවක ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.” යනුවෙන්
නවලෝක රෝහල් සභාපති වෛද්‍ය ජයන්ත ධර්මදාස මහතා පවසයි.
මෙම දියත් කිරීමේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ රෝගියාගේ
දොරකඩටම පැමිණ සෞඛ්‍ය සේවා සැපයීමයි. පවුල් මුහුණ දෙන හදිසි
අවස්ථා, අභියෝග හෝ කාල සීමාවන් අවබෝධ කර ගනිමින්, රෝහල්
වෙත නොගොස් අවශ්‍ය වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීම සහතික කිරීම
සඳහා නවලෝක සෞඛ්‍ය සේවා වෘත්තිකයින් රෝගීන්ගේ නිවෙස්වලට
ගොස් සුව සේවාවන් සපයයි.
මීට අමතරව, නවලෝක රෝහල් සමූහය රෝගීන්ගේ සත්කාර සහ
ප‍්‍රවේශතා වැඩිදියුණු කිරීමේ තාක්ෂණයෙන් සවිබැලගැන්වී ඇත.

ආරක්ෂිත සහ විශ්වාසදායක සබැඳි වේදිකා හරහා, පවුලේ
සාමාජිකයින්ට තමන් පදිංචි දුර නොසලකා, කඩිනමින් වෛද්‍ය
උපදේශන ලබා ගැනීමට සහ ඔවුන්ගේ වෛද්‍යවරුන්ගෙන් ඔවුන්ගේ
සෞඛ්‍ය තත්වය පිළිබඳ නිරන්තර යාවත්කාලීන වීමට හැකිය.
වෛද්‍ය ජයන්ත ධර්මදාස මහතා තවදුරටත් අදහස් දක්වමින්,
”නවලෝක රෝහලේ, අපි නවීනතම වෛද්‍ය යටිතල පහසුකම් සඳහා
අඛණ්ඩව ආයෝජනය කරමින් ඉහළම ගුණාත්මක ප‍්‍රතිකාර ලබා දීම
සඳහා තාක්ෂණික දියුණුව උපයෝගී කරගන්නවා. නවීන
පහසුකම්වලින් සහ පුළුල් අත්දැකීම්වලින් සමන්විත අපගේ
දයානුකම්පිත සෞඛ්‍ය සේවා වෘත්තිකයන් කණ්ඩායම වඩාත්
හෘද්දයාංගම සුව සේවාවක් ලබාදීම වෙනුවෙන් ඇප කැපවී සිටිනවා.”
යනුවෙන් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *