22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

සියලු ජන කොටස්වලට සමාන අයිතිවාසිකම් දිය යුතුයි

රටේ සියලු පුරවැසියන් එක හා සමාන අයිතිවාසිකම් ඇතිව ජීවත් විය යුතු බවත් කුමන ආකාරයට හා කුමන අවස්ථාවක දේශපාලන බලය බෙදනවා ද යන්න සංවේදීව සොයා බැලිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.
ඒ මහතා මේ බව කියා සිටියේ පසුගියදා (28) පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා රුවන්වැලිසෑය වැඳපුදා ගැනීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමින්ය. එහිදී ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදා සියලු ජන කොටස්වලට එක හා සමාන අයිතිවාසිකම් ලබා දිය යුතු බව ද සරත් ෆොන්සේකා තවදුරටත් මෙසෙද සඳහන් කළේය.
රටේ අර්බුද නැති සාමකාමී අවස්ථාවක හැරෙන්නට අර්බුදයන් පවතින අවස්ථාවලදී බලය බෙදීම පිළිබඳ අදහස් පළ නොකළ යුතු බවත් පැවසූ මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේ අර්බුද අවස්ථාවලදී මෙවැනි මාතෘකා කතා කිරීම තුළින් ජාති හා ආගම් අවුස්සන කණ්ඩායම් විසින් මෙයින් ප්‍රයෝජන ගන්නා බවය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz