22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

2023 ආසියානු කුසලානය ඉන්දියාවට

ආසියා කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ කරන්නට ඉන්දීය පන්දු යැවීමේ බලඇණිය සමත්විය.

ශ්‍රී ලංකා ඉණිම ලකුණු 50කට සීමා වුණේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තු සුනුවිසුනු කරමිනි.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ අද(17) පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනාගෙන් කුසල් ජනිත් තරගයේ තුන්වන පන්දුවේදී ලකුණු නොලබාම පිටියෙන් ඉවත් කිරීමට ජස්ප්‍රිට් බුම්රා සමත් විය.

ඉන්පසු පිළිවෙළින් පැතුම් නිස්සංක, සධීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දසුන් ශානක යන මුල්පෙළ පිතිකරුවන්ගේ කඩුලු දවා ගැනීමට මොහොමඩ් සිරාජ් සමත් විය.

කුසල් මෙන්ඩිස් ලකුණු 17ක් හා දුෂාන් හේමන්ත නොදැවී ලකුණු 13ක් රැස්කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කරමින් පන්දු යැවූ ඉන්දීය පන්දු යවන්නන් තම අණසක පතුරමින් ශ්‍රී ලංකා ඉණිම පන්දුවාර 15යි පන්දු 2ක් තුළ අවසන් කළේ ලකුණු 50ක් පමණක් ලබාදෙමිනි.

දක්ෂ පන්දු යැවීමක නිරත වු මොහොමඩ් සිරාජ් පන්දුවාර 7ක් යවමින් ලකුණු 21කට කඩුලු 6ක් දවාගත්තා. හර්දික් පාණ්ඩ්‍යා පන්දුවාර 2ක් පමණක් ක්‍රියාත්මක කරමින් ලකුණු 3කට කඩුලු 3ක් බිදහෙළීය.

ලකුණු 51ක ජයග්‍රාහී ඉලක්කය හඹාගියා ඉන්දීය කණ්ඩායම පන්දුවාර 6යි එක් පන්දුවකදී එකදු කඩුල්ලක් හෝ නොදැවී ජය තහවුරු කර ගත්තේය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz