22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

මන්ත්‍රී උද්ධිකට වෙඩි තැබූ සිද්ධියේ විමර්ශන CIDයට

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න මහතාගේ පෞද්ගලික මෝටර් රථය ඉලක්ක කර ඔහුගේ නිවස ඉදිරිපිට දී වෙඩි තැබීමේ සිද්ධිය අදාළ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ.

පොලිස්පතිවරයාගේ නියෝග මත අදාළ විමර්ශන මෙලෙස වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

වෙඩි ප්‍රහාරයෙන් මන්ත්‍රීවරයාට කිසිදු හානියක් සිදුව නොමැත.

උද්ධික ප්‍රේමරත්න මහතා කිසියම් කටයුත්තකට නිවසින් බැහැරව ගොස් යළි නිවස කරා තම මෝටර් රථයෙන් පැමිණි අවස්ථාවේ ඊයේ රාත්‍රී 10.35ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබේ.

මෝටර් රථයේ පසුපස අසුන ප්‍රදේශයට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වී ඇත.

වෙඩි තැබූ ස්ථානයේ තිබි ජීව උණ්ඩයක් හා පතරොම් කොපුවක් ද හමුවී ඇති අතර මිලි මිටර 9 වර්ගයේ පිස්තෝලයකින් ප්‍රහාරය එල්ල කර ඇති බව මූලික විමර්ෂණවලදී හෙළි වී තිබේ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz