22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය මහලේකම්වරිය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය මහලේකම් සහ ආසියා පැසිෆික් කලාපයේ ආර්ථික හා සමාජ කොමිසමේ (ESCAP) විධායක ලේකම් අර්මිදා සල්සියා අලිස්ජබානා මහත්මිය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය,ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් පැවැත්විණි.

එහි දී ශ්‍රී ලංකාව අර්බුදයෙන් මිදීම සදහා පියවරයන් ගන්නා අතරතුර ගෙන යන නව තිරසාර මුලපිරීම් පිළිබඳව කරුණු සාකච්ඡා වූ බව අමාත්‍යවරයා පැවසුවේ ය.

තායිලන්තයේ බැංකොක් නුවර දී පැවැත්වෙන ජගත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති, දිළිඳුකම පිටු දැකීම සහ සංවර්ධනය උදෙසා මුදල් යෙදවීම පිළිබඳ කමිටු, සැසිවාරය අතරතුර මෙම හමුව සිදු විය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz