ඩී. ඒ රාජපක්ෂ මැතිතුමාගේ 56 වන ගුණ සැමරුම

ජනපති දෙපලගේ දයාබර පියාණන් වූ ඩී. ඒ. රාජපක්‍ෂ මැතිතුමාගේ 56 වන ගුණ සැමරුම පසුගිය 04 වනදා 05 වන විධායක ජනපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා, 07 වන විධායක ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා, හිටපු කතානායක චමල් රාජපක්‍ෂ මැතිතුමා, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මැතිතුමා සහ නාමල් රාජපක්‍ෂ මැතිතුමා ඇතුඵ පවුලේ සාමාජිකයින්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, තාරක බාලසූරිය, ගාමිනී ලොකුගේ, සුරේන් රාඝවන්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩී.වී චානක, මහින්ද අමරවීර, ජානක වක්කුඹුර, අජිත් රාජපක්ෂ යන මන්ත්‍රීවරුන් සහභාගී විය.

ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීම ද ඊයේ රාත්‍රියේ සිදු විය ඩී.ඒ. රාජපක්ෂ ගුණ සැමරුමට සමගාමීව සංවිධානය කළ පිරිත් සජ්ජායනය එදින රාත්‍රියේ මැදමුලන නිවසේ දී පැවැත්විණි. සංඝයා වහන්සේලා උදෙසා පසුදින දහවල සංඝිගත දක්ෂිණාව පිරිනැමිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *