එදා මෙන්ම අදටත් ගැලපෙන ශී‍්‍ර ලංකාවේ ස්වභාවික සායම් වර්ණ සම්ප‍්‍රදාය

වසර 2500කට වැඩි ඉතිහාසය තුළ ශ‍්‍රී ලාංකේය ඇඟලූම් කර්මාන්තය හා බැඳුණු සුවිශේෂී සාධකයක් වන්නේ ස්වභාවික සම්පත් තුළින් නිර්මාණය කර ගත් වර්ණ යොදා ගැනීමයි. ස්වාභාවික සම්පත්වලින් අනූන ජෛව විවිධත්වය නිසාම අතීත නිර්මාණකරුවන් විවිධ ශාක සාරයන් හා වෙනත් ස්වාභාවික සම්පත් උපයෝගී කර ගනිමින් විවිධ ආවේණික වර්ණ දැයට දායාද කර ඇති බව අද පවා සාක්ෂි සහිතව දක්නට ඇත. කහ සහ කිහිරි වැනි ශාකයන් තුළින් නිර්මාණය කරගත් ස්වභාවික කහ වර්ණවල සිට ස්වභාවික සාරයන් උපයෝගි කොට ගනිමින් දායාද කළ ස්වභාවික වර්ණ අදද මෙරට රෙදි පිළි අපනයන කර්මාන්තය ඉදිරියට ගෙන යාමේ ප‍්‍රධාන නවෝත්පාදකයක් බවට පත්ව ඇත. ගෝලීය තිරසාර ප‍්‍රවණතාවන්ට මනාව ගැලපෙන මෙම නවෝත්පාදන ශ‍්‍රී ලංකාව පරිසර හිතකාමී රෙදිපිළි නිෂ්පාදනයේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට සමත්ව සිටී. මෙම විශිෂ්ටත්වය තව දුරටත් ඉදිරියට ගෙන යමින් Hayleys Fabric PLC, Noyon Private Limited, Dynawash සහ Ocean Lanka වැනි ඇඟලූම් කර්මාන්තයේ ශ‍්‍රී ලාංකේය ප‍්‍රමුඛ කර්මාන්තකරුවන් විසින් පාරිසරික සාරයන්ගේ නිෂ්පාදන සඳහා ප‍්‍රමුඛතාවක් ලබා දෙමින් ජාත්‍යන්තර වෙළෙඳපොල වෙත ඇඟලූම් සැපයීම සඳහා විවිධ සායම් වර්ග භාවිත කරනු ලබයි.

Hayleys Fabric PLC හි ‘Warna by Mahogany’

පරිසර හිතකාමී රෙදිපිළි නිෂ්පාදනයේ පුරෝගාමී ආයතනයක් වන ්‍ය්හකැහි ත්‍්ඉරසජ නව්‍ය නිෂ්පාදන නිරන්තරයෙන් වෙළෙඳපොලට හඳුන්වා දෙමින් තිරසාර රෙදිපිළි කර්මාන්තයේ නව යුගයක් සනිටුහන් කිරීමට සමත්ව ඇත. එහි ප‍්‍රතිඵලයක් ලෙස  Hayleys Fabric හි ‘Warna by Mahogany’ ISPO Textrends Spring/Summer 2024 හිදී ඉහළම ගෝලීය නවෝත්පාදන 10 අතර පිළිගැනීමට ලක් විය. ඒ රෙදිපිළි කර්මාන්තය නව මගක් වෙත ගෙන යන ස්වාභාවික වර්ණකයක් ලෙසිනි. ශ‍්‍රී ලාංකේය පරිසර හිතකාමී ඇඟලූම් නිෂ්පාදන නියෝජනය කරමින් ලොව පිළිගත් ISPO Textrends හිදී පිළිගැනීමට ලක් වූ Hayleys Fabric ක‍්‍රීඩා ඇඟලූම් සඳහා රෙදිපිළි සපයා ගැනීමේ ක‍්‍රියාවලියේදී තිරසාර නිෂ්පාදකයකු ලෙස තවදුරටත් පෙරමුණ ගෙන කටයුතු කරනු ඇත. මෙරට ගෘහ භාණ්ඩ කර්මාන්තය සඳහා යොදා ගන්නා මහෝගනී දැවයෙහි ඉවත ලන දෙයින් සායම් නිෂ්පාදනය කරමින් අපද්‍රව්‍ය ඇඟලූම් නිෂ්පාදන බවට පරිවර්තන කිරීමේ පරිසර හිතකාමී වැඩපිළිවෙලකට Hayleys Fabric, ‘Warna by Mahogany’ තුළින් තවදුරටත් පියවර ගෙන ඇත.

එසේම Hayleys Fabric විසින් හඳුන්වා දෙනු ලැබූ ඉවතලන දැව අඟුරු යොදා ගනිමින් ස්වභාවිකව මුද්‍රණය කරන ලද නවතම රෙදිපිළි එකතුව වන ‘Midnight by Charcoal’ නිෂ්පාදන පෙලද පසුගියදා පිළිගැනීමට ලක් විය. Hayleys Fabric අනුබද්ධ South Asia Textile පුද්ගලික සමාගම සමඟ එක් වෙමින් හඳුන්වාදෙනු ලැබූ ‘Midnight’ නිෂ්පාදන පෙළද ISPO Munich හිදී ‘Top 10 Innovations in the Street Sports’ කාණ්ඩය යටතේ  ජාත්‍යන්තර පිළිගැනීමට ලක් විය. Hayleys Fabric විසින් හිමි කර ගනු ලැබූ මෙම පිළිගැනීම පසුගිය වසර තුල ශ‍්‍රී ලාංකේය නවෝපාදනයක් ISPO විසින් පිළිගත් දෙවන අවස්ථාව ලෙසද ඉතිහාස ගත වනු ඇත.

Hayleys Fabric විසින් නිෂ්පාදනය කරනු ලබන සුවිශේෂී මහෝගනී සායම් වර්ණක යටතේ විවිධ වර්ගයේ රෙදි සඳහා දෙමුහුන් වර්ණ 16ක් හඳුන්වා දී ඇති ඇත්තේ භාවිත කරන්නාට මෙන්ම පරිසරයටද හානියක් නොවන ආකාරයේ උසස් ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කරමිනි. කිසිඳු රසායනික ද්‍රව්‍යයක් භාවිත නොකරමින් ස්වභාවික සාරයක් ලෙස නිෂ්පාදනය කරනු ලබන මෙම වර්ණකයන් කෘතිම වර්ණකයන්ට සාපේක්ෂව 36%ක ධනාත්මක පාරිසරික බලපෑමක් එල්ල කරන බව සොයා ගෙන ඇති අතර ඒ තුළින් එම නිෂ්පාදනය සතු තිරසාර පරිසර හිතකාමී බව මනාව තහවුරු වනු නිසැකය. Hayleys Fabric මෙම නිෂ්පාදනයන්හි ඉවත ලන අපද්‍රව්‍ය පොහොර නිෂ්පාදනය සඳහා යෙදවීමටද කටයුතු කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්කයන් අනුව යමිනි. ඒ තුළින් වගකීම් සහගත නිෂ්පාදනය, නවෝත්පාදනය, ජල පවිත‍්‍රතාව හා දේශගුණික ක‍්‍රියාකාරකම් සඳහා වන කැපවීම යළි යළිත් ප‍්‍රදර්ශනය කිරීමට Hayleys Fabric සමත්ව ඇත.

පරිසර හිතකාමී, ආකර්ෂණීය හා උසස් තත්වයේ රෙදි පිළි ගෝලීය වෙළෙඳපොල වෙත ලබා දීමට නිරන්තරයෙන් කටයුතු කරන Hayleys Fabric හි INNO සන්නාමය මෙම පරිසර හිතකාමී නිෂ්පාදන සංවර්ධනය තව දුරටත් ඉදිරියට ගෙන යමින් සිටියි. මේ සියලූ දේ තුළින් ගම්‍ය වන ප‍්‍රධානතම කරුණක් වන්නේ සිය සැලසුම් හා නිෂ්පාදන හරහා රෙදිපිළි නිෂ්පාදනයේ අභිමානවත් ඉතිහාසයක් හා ක්ෂේත‍්‍රය තුළ නොසැලෙන පැවැත්මක් සමඟින් තිරසාරත්වයේ විශිෂ්ට මුද්‍රාවක් තැබීමට Hayleys Fabric සමත්ව ඇති බවයි.

Noyon Private Limited හි Planetones

MAS Holdings හි අනුබද්ධ ආයතනයක් වන Noyon Lanka තිරසාර වර්ණ ගැන්වීමේ නව්‍ය නිෂ්පාදන විසඳුම් තුළින් වෙනසක් ඇති කිරීමට සමත්ව ඇත්තේ ඔවුන්ගේ නවතම Planetones’ සමඟිනි. Control Union හි කීර්තිමත් ‘Eco Dye Standard’ සහතිකය හිමි කර ගෙන ඇති මෙම 100%ක් ස්වාභාවික වර්ණ පරාසය පරිසර හිතකාමී වර්ණ ගැන්වීමේ ක‍්‍රමයන්හි සැලකිය යුතු සංධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත්ව ඇත. පොලිමයිඞ් සඳහා විචිත‍්‍රවත් වර්ණ 50කට වැඩි සංඛ්‍යාවක් ලබා දෙන Planetones, නව්‍ය වර්ණවලින් ඔබ්බට ගොස් පරිසරයට සැලකිය යුතු ධනාත්මක බලපෑමක් ඇති කරනු ලබයි. ජලයේ දියවීම හා අන්තරායකර රසායන ද්‍රව්‍ය (ZDHC) සහ Oeko-Tex වැනි දැඩි පාරිසරික ප‍්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා වන ඔවුන්ගේ කැපවීම ද මේ තුළින් මනාව තහවුරු කරනු ලබයි. ජල පරිභෝජනය, බලශක්ති භාවිතය, කාබන්ඩයොක්සයිඞ් විමෝචනය මෙන්ම රසායනික භාවිතය සැලකිය යුතු ලෙස අවම කිරීම සඳහා Noyon හි මෙම  නවතම ‘Planetones ස්වභාවික වර්ණකය රෙදිපිළි කර්මාන්තය තුළ පරිසර හිතකාමී වර්ණක භාවිතයන් සඳහා සුවිශේෂී මිණුම් සලකුණක් බවට ද පත්ව ඇත.

Dynawash හි T Hues  

පසුගියදා ඉන්දියාවේ පේටන්ට් බලපත‍්‍රයක් හිමි කරගත් T Hues තිරසාර වර්ණ ගැන්වීමේ නව යුගයක් ආරම්භ කරමින් ශ‍්‍රී ලාංකේය රෙදිපිළි කර්මාන්තයේ නව පියවරක් තැබීමට සමත් විය. SLINTEC, Unilever සහ Dynawash හි සහයෝගී ප‍්‍රයත්නයක් වන මෙම නවෝත්පාදනය වර්ණ 53කින් යුත් එකතුවක් සකසා ගැනීම සඳහා තේවල ඉවත ලන අප ද්‍රව්‍ය භාවිත කරනු ලබයි. 80%ක් ස්වාභාවික හා 20%ක් කෘතිම වර්ණකවලින් මෙම අද්විතීය මිශ‍්‍රනය සමන්විත වේ. මෙම කැපී පෙනෙන සංයෝජනය සැලකිය යුතු නම්‍යශීලී බවක් සහ අනුවර්තනයක් ලබා දෙන අතර, එය කපු, නයිලෝන් සහ විවිධ මිශ‍්‍ර රෙදි ඇතුළු පුළුල් පරාසයක රෙදි වර්ග සඳහා භාවිතා කිරීමට සුදුසු වේ. ස්වභාවික සාරයන්ගේ වර්ණ විවිධත්වය පමණක් නොව කාබන් විමෝචනය අවම කිරීම මෙන්ම ක්ෂුද්‍ර ජීවීන්ට හිතකර ගුණාංගවලින් පොහොසත් T Hues, QR කේතය සහිත එල්ලෙන ටැග්ස් හරහා පාරිභෝගිකයින්ට නිෂ්පාදනයේ විස්තර සොයා ගැනීමට සහ නිරීක්ෂණය කිරීමට ඇති හැකියාව සහතික කරයි. මෙමගින් නිෂ්පාදනයේ පරිසර හිතකාමී සම්භවයක් ඇති බවත් තිරසාර නිෂ්පාදන ක‍්‍රියාවලීන් අනුගමනය කරන බවත් තහවුරු කරන තොරතුරු පාරිභෝගිකයින්ට ලබා ගත හැකිය. 

මේ වන විටත් ජාත්‍යන්තරව පිළිගත් ප‍්‍රමුඛ පෙළේ සන්නාම කිහිපයකින් ලද ඇමරිකානු ඩොලර් මිලියනයකට අධික ඇණවුම් ලැබී ඇති T Hues විසින් පරිසර හිතකාමී සහ තිරසාර නවෝත්පාදන වාණිජමය වශයෙන් කළ හැකි බව පෙන්නුම් කර ඇත. මෙම ජයග‍්‍රහණය ශ‍්‍රී ලංකාවට මෙම ක්ෂේත‍්‍රයේ දස්කම් දැක්වීමට ඇති හැකියාව පිළිබඳව ප‍්‍රධාන සන්නාම තුළ විශ්වාසයක් ඇති කිරීමට සමත්ව තිබේ.

තිරසාර ඇඟලූම් සඳහා වන ශ‍්‍රී ලාංකේය කැපවීම පිළිබිඹු කරමින් අන්තරායකර රසායන ද්‍රව්‍ය (ZDHC) නිෂ්පාදන සීමා කරන ලද ද්‍රව්‍ය ලැයිස්තුවෙහි (MRSL) අදාල ප‍්‍රමිතීන්ට අනුකූලව Global Organic Textile Standard (GOTS) සහතිකය හිමි කරගෙන ඇති T Hues මූලික අමුද්‍රව්‍යයක් ලෙස තේ අපද්‍රව්‍ය භාවිතය තුළින් සම්පත් කාර්යක්ෂමව යොදා ගැනීම පිළිබඳව නැවතත් අවධාරණය කරමින් චක‍්‍රීය ආර්ථිකයක් තුළ ද්‍රව්‍යයන් නව්‍ය ආකාරයෙන් භාවිත කිරීම පිළිබඳව ද මනාව පෙන්වා දෙනු ලබයි. ගෝලීය ප‍්‍රමිතීන් අනුව ඉහළ තත්ව ප‍්‍රමිතිීන් යටතේ නිපදවෙන මෙම ස්වභාවික හා කෘතිම වර්ණක මිශ‍්‍රණය ගුණාත්මක පරිසර හිතාකාමී විකල්පයක් පාරිභෝගිකයා වෙත ඉදිරිපත් කරනු ලබන්නේ පාරිසරික වගකීම් හා තාක්ෂණික දියුණුව සඳහා වන කැපවීමද පෙන්වා දෙමිනි. මෙමගින් රෙදිපිළි කර්මාන්තය පුරා තිරසාර වර්ණ භාවිතයන්වල තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇත.

Ocean Lanka හි Aqua + Dyeing System

ශ‍්‍රී ලංකාවේ සුප‍්‍රසිද්ධ ගොතන ලද රෙදි නිෂ්පාදකයා වන Ocean Lanka තමන්ටම ආවේණික නව්‍ය තාක්ෂණය උපයෝගී කොට ගනිමින් නිපදවනු ලබන සුවිශේෂී ‘Ocean Aqua+’ වර්ණ ගැන්වීමේ ක‍්‍රමය කර්මාන්තයේ තවත් විප්ලවීය පියවරක් ලෙස පෙන්වා දිය හැකිය. Ocean Lanka හි අති දක්ෂ වර්ණ ගැන්වීමේ හා වර්ණාගාර කණ්ඩායමේ කැපවීමක් ලෙස ආරම්භ කළ මෙය සමාගමේ පරිසර සුරක්ෂිතතා දායකත්වයේද සුවිසල් පියවරක් ලෙස සඳහන් කළ හැකිය. මේ වන විටත් ධාරිතා භාවිතය හා ඵලදායීතාව ඉහළ නැංවීමේ සැලකිය යුතු ප‍්‍රගතියක් අත්පත්කර ගෙන ඇති ‘Ocean Aqua+’ පරිසර සංරක්ෂණයට ප‍්‍රමුඛත්වය දී කටයුතු කරනු ලබයි. තද හා ආකර්ෂණීය වර්ණ සහිත රෙදි වර්ණ ගැන්වීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති මෙම වර්ණක පද්ධතිය පරිසරය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් පිරිවැය කාර්යක්ෂමතාව සමබරව පවත්වාගෙන යාමට ද සමත්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *