22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ නව වසරට සුබපැතුම්

2024 බත බුලතින් සරු සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමි.
ඒ සඳහා වන, අලුත් බලාපොරොත්තු සහිත රටක් ඇති කිරීම සඳහා රජයේ ක්‍රියාදාමය දියත් කිරීමට මෙවර අයවැයෙන් අවශ්‍ය පියවර ගෙන තිබේ.
ආර්ථික, දේශපාලන, සමාජීය හා සංස්කෘතික සෑම ක්ෂේත්‍රයකම නව වකවානුවක් උදාකිරීමේ අභියෝගාත්මක වැඩපිළිවෙළ පෙරදැරිව විනයගරුක, ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමාජයක් තුළ සශ්‍රීක අනාගතයක් උදෙසා ඉකුත් වසරේ මෙන්ම අප සියලු දෙනා එකාවන්ව කැපවීමෙන් කටයුතු කරමු.
පසුගිය වසරේ රට මුහුණ දුන් ආහාර හා ආර්ථික අර්බුදය හමුවේ අපේ ගොවි ජනතාව අභියෝගාත්මකව කළ මෙහෙය මේ නව වසරේ කෘතවේදීත්වයෙන් සිහිපත් කරමි.
නවෝත්පාදන හා ව්‍යවසාය මානසිකත්වයෙන් හෙබි නවමු සංකල්පයන් තුළින් නව පරපුර සවිබල ගන්වමින්, නිෂ්පාදන ආර්ථිකයක් කරා රට ගමන් කරවීමට අදිටන් කර ගනිමු.
පසුගිය වකවානුව අපට හිතන්නට බොහෝ දේ ඉතිරිකොට ඇත. මේ සා රෝග, ව්‍යසන, ආර්ථික හා සමාජයීය අර්බුද මෑත ඉතිහාසයේ අප නුදුටු ඒවාය. ඒවා යළිඳු නොදකින්නට, මතු පරපුරට ඒවා ඉතිරි නොකරන්නට, නවමු සංකල්පයන් තුළින් පෝෂිත නව වසරකට පිය නගමු.

දිනේෂ් ගුණවර්ධන (පා.ම)
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

2023 දෙසැම්බර් මස 31 දින

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz